master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

කැලණිය මහා ශිෂ්‍ය සංගමය 'චණ්‌ඩි' වෙලා විද්‍යා ප්‍රදර්ශනයට පැමිණි නාවික හමුදාව එලවා දමයි


2017-09-28 10:25:08 -  136 යි

නිලන්ත මදුරාවල

කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨය සංවිධානය කෙරෙන ප්‍රදර්ශනයකට දායකත්වය සැපයීම සඳහා එම පීඨයේ ආරාධනය මත පසුගිය 25 වැනිදා රාත්‍රියේ පැමිණි නාවික හමුදා කණ්‌ඩායමක්‌ සිසුන් පිරිසක්‌ විසින් ආපසු හරවා යවනු ලැබ ඇත. 

ප්‍රදර්ශනය ලබන 2 වැනිදා ආරම්භ කෙරෙන අතර නාවික හමුදාවටද වෙනම ස්‌ථානයක්‌ වෙන් කර තිබී ඇත.

නාවික හමුදා කණ්‌ඩායම පැමිණ ඇත්තේ එම ස්‌ථානයේ සංවිධාන කටයුතු සඳහා ය. මෙම කණ්‌ඩායමට විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට පවා ඉඩ නොදී හරවා යවා ඇත්තේ මහා ශිෂ්‍ය සංගමයට අයත් සිසුන් යෑයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පැවසීය.

කිසිදු පදනමක්‌ නොමැතිව සිසුන් මෙම කණ්‌ඩායම හරවා යෑවීම විශ්වවිද්‍යාලයට අපකීර්තියක්‌ බව එහි ආචාර්යවරයෙක්‌ "ඊතලය"ට පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com