master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

සෙල්ෆි උන්මාදය නිසා දියේ ගිලෙන මිතුරා නොපෙනෙනු හැටි - ඡායාරූපයේ සියල්ල සටහන් වෙයි


2017-09-28 07:49:57 -  175 යි

මිතුරන් සමග දිය නෑමට ගොස් දියේ ගිලී මියගිය සිසුවෙකු පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට මිතුරන් පිරිස ඒකරාශී වී සිටියදී එක් සිසුවකු දියේ ගිලෙනු මෙම මිත්‍ර කාණ්ඩයට මග හැරී තිබෙන අතර එම ඡායාරූපයම මේ සම්බන්ධයෙන් සාක්ෂි සපයා තිබේ.

පැය කිහිපයක් අතුරුදහන්ව ගිලී සිටි සිසුවාගේ සිරුර පසුව සොයා ගෙන තිබූ අතර 17 හැවිරිදි වයස් කාණ්ඩයට මෙම තරුණයන් අයත් බව සදහන් ය.

විශ්වාස් ජී නම් මෙම මිය ගිය 17 හැවිරිදි සිසුවා බෙන්ග්ලාරු ජාතික පාසලේ අධ්‍යාපනය හදාරන්නකු වේ.

දිය නෑමෙන් අසල කෝවිලට ගිය සිසුන්ට විශ්වා අතුරුදහන් බව දැනෙන විට ඔහු දියේ ගිලී අවසන් වන අතර ඡායාරූප පිරික්සන අතරේ ඔහු දියේ ගිලී ඇති බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඔහු ජලාශයේ සෙවීමේදී මළ සිරුර හමුව තිබේ.

මහාචාර්යවරයකු ඇතුළු සිසුන් 25ක් මෙම ගමනට සහභාගි වී තිබෙන අතර සිද්ධියෙන් කෝපයට පත් වැසියන් උද්ඝෝෂණ පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com