master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

කාන්තාවන් හැටක් ආදරය කර, 40ක් සමග අඹු සැමියන් සේ හැසිරුන නවැසිමුල්ල අනංගයා


2017-09-26 14:33:01 -  403 යි

විවිධ කාන්තාවමින් රවටා ඔවුන් සමග ප්‍රේම සම්බන්ධතා අරඹමින් ඔවුන්ගෙන් මුදල් ගරා ගත් ජාවාරම්කරුවෙකු පිළිබදව වාර්තා වෙනවා.  යක්කලමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා විට මෙම පුද්ගලයා ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් 65ක් ඇතුළු පුද්ගලයන් රැසක් නොමඟ යවමින් කෝටි 10කට අධික මුදලක් වංචා කර තිබෙන බව සදහන්.

මෙම ජාවාරම්කරු කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් පැමිණ යක්කලමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක නැවතී සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය එහි ගොස් තිබේ. ඒ වනවිට මෝටර් රථය හැරදමා සැකකරු පැනගොස් ඇති අතර පසුව කළ විමර්ශනයකදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා ප්‍රදේශ කිහිපයක කාන්තාවන් 65 දෙනකු මුළා කරමින් මුදල් වංචා කර ඇති බවටත් එම කතුන් අතරින් 40කට අධික පිරිසක් සමඟ අඹු සැමියන් ලෙස සිටි බවටත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙන බව සදහන්.

නාවලපිටිය ප්‍රදේශයේ තේ විකිණීමකට අදාළ රුපියල් 78,53,890 මුදලක්, ගාල්ලේ කාන්තාවකට කෝටි 2කට ආසන්න මුදලක්, වඳුරඹ ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන පසුව නිවෙස අයිතිකාරිය එම නිවෙස විකිණීමට පොලඹවාගෙන එම නිවෙස රුපියල් ලක්ෂ 15කට විකිණීම, ගාල්ල මහෙස්ත්‍රාත් උසාවියේ පවරා ඇති රුපියල් 10,32,000ක් අගරු චෙක්පත් ලබාදීමෙන් කළ වංචාව, ගාල්කිස්ස අධිකරණයේ පවරා ඇති මුදල් වංචාව, අරුන් ගොඩනැඟිලි ද්‍රව්‍ය සපයන්නෝ නමින් ව්‍යාපාරයක් ලියාපදිංචි කොට එම ආයතනයෙන් රජයට අය විය යුතු බදු මුදල් රුපියල් දෙකෝටි විසිතුන් ලක්ෂයක් නොගෙවා පැහැර හැරීම, ලොකුගේ එන්ටප්‍රයිසස් නමැති ආයතනයක් ලියාපදිංචි කර රජයට අයවිය යුතු රුපියල් හාර කෝටි 35 ලක්ෂයක් ගෙවීම පැහැර හරිමින් වංචා කිරීම ඇතුළු වංචා රැසක් මොහු කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙයට අමතරව වැඩිදුර විමර්ශනවලදී තවත් වංචාවන් රැසක තොරතුරු හෙළිවෙමින් පවතින බව පොලීසිය වැඩි දුරටත් සදහන් කරනවා.

වයස අවුරුදු 30-70 අතර කාන්තාවන් වැඩි පිරිසක් මේ පුද්ගලයාගේ වංචාවන්ට හසුවී තිබෙන බව අනාවරණය වී තිබේ.
රටේ ප්‍රසිද්ධ දේශපාලනඥයන්, ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්, ව්‍යාපාරිකයන්, ප්‍රභූ පුද්ගලයන් ඇසුරු කරමින් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන අතර ]තුර මොහු මෙම වංචාවන් කර ඇති බවත් සදහන්.
38 හැවිරිදි මෙම සැකකරු නවැසිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com