master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

දහතුන් වියැති (13) පාසල් පෙම්වතිය දූෂණය කළ නොච්චියාගම පුතා හා පියා


2017-09-26 10:35:32 -  382 යි

දහතුන් වියැති (13) පාසල් යන  බාල  වයස්කාර පෙම්වතිය දුෂණය කල පෙම්වතකු හා  ඔවුන්ට රැකවරණය ලබා දුන්   පෙම්වතාගේ  පියා  පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් මස 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තබුත්තේගම මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළ අතර දැරිය දෙමාපියන් භාරයට පත් කරන ලදී.

නොච්චියාගම  අඩම්පනේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින්  තම දරුවා අතුරු දහන් වී ඇති බවට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය  පරීක්ෂණ ආරම්භ  කිරීමෙන් පසු මෙම තරුණයාගේ නිවසේ සිටි දැරිය සොයාගෙන ඇත. ඇය අධිකරණ වෛද්‍ය වරයා වෙත ඉදිරිපත් කිරීමට  පොලිසිය කටයුතු  කර තිබේ .

නොච්චියාගම පොලිස්ථානාධිපති ප්‍ර.පො.ප.එස්.පි.එදිරිසිංහ මහතාගේ උපදේශ් මත කාන්තා හා ළමා කාර්යංශයේ ස්ථානාධිපති කා.පො.ප.අජන්තා ,උ.පො.ප .ධර්මසේන ,පො.කො.47913 ලිදපිටිය,කා.පො.කො.6638 චලනි,2382 ඉනෝකා  යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com