master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

සමෘද්ධි නිලධාරියා සිසුවියකට අමුතු ක්‍රීඩා පාඩමක් උගන්වයි


2017-09-21 09:45:07 -  224 යි

මුලතිව් - ශෂිකුමාර්

යාපනය වේලනෙයි ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවියක් ක්‍රීඩා පුහුණුවීම කරන අතරවාරයේ සමෘද්ධි නිලධාරියකු විසින් සිපගත්තා යැයි සැකපිට එම සමෘද්ධි නිලධාරියා පෙරේදා (19දා) යාපනය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ සිසුවිය මණ්ඩතිව් 4 වැනි කොටසේ පදිංචිව සිටින අතර ඇයට පසුගිය 12 වැනිදා මණ්ඩතිව් ඒ - ග්‍රාමසේවා වසමේ පදිංචි සමෘද්ධි නිලධාරියා ක්‍රීඩා පුහුණු කටයුත්තකට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර එම සිසුවිය ඒ සඳහා එදින පැමිණීමෙන් පසු මණ්ඩතිව් ක්‍රීඩාංගණයේ පිහිටි කාමරයක් තුළදී මෙලෙස සිපගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

අදාළ සිදුවීමෙන් පසුව එම සිසුවිය මේ බව මවුපියන්ට දන්වා ඇති අතර ඉන්පසු මණ්ඩතිව් ප්‍රාදේශීය ලේකම්වරයාටද දැනුම් දී තිබේ.
මණ්ඩතිව් ප්‍රාදේශීය ලේකම්වරයා පවසා ඇත්තේ පොලිසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසටත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කාර්යාල මට්ටමින් පරීක්ෂණයක් ද පවත්වන බවත්ය.
සිසුවියගේ මවුපියන් විසින් පොලිස් පැමිණිල්ල දැමීමෙන් පසු පරීක්ෂණ පැවැත්වූ පොලිසිය පෙරේදා (19දා) සවස එම සමෘද්ධි නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com