master
New Page 1

ඉන්දුනීසියාවේ - සුමාත්‍රා යි භූ චලනයක් වෙරළ බඩ ප්‍රදේශ වලට අනතුරු ඇගවීම්


2017-08-13 11:37:59 -  70 යි

ඉන්දුනීසියාවේ - සුමාත්‍රා දිවයිනට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.රික්ටර් පරිමාණයේ 6.4 ක භූ කම්පනයක් ලෙස මෙය සටහන්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

සුමාත්‍රාවේ - බෙන්කුලු නගරයට කිලෝමීටර් 81 ක් බටහිර දෙසින් මුහුදේ කිලෝමීටර් 67 ක් ගැඹුරෙන් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

කෙසේවෙතත් මේ පිළිබඳව ජනතාව කලබල විය යුතු නැති බවයි ආපදා කළමණාකාරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com