master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

සැමියා හා දරු දෙදෙනා අතහැර අනියම් පුද්ගලයකු සමඟ පලා ගිහින් කරපු දේ..


2017-08-11 10:27:16 -  1067 යි

සිය නීත්‍යනුකූල සැමියා හා දරුවන් දෙදෙනා අතහැර අනියම් පුද්ගලයකු සමඟ පලාගොස් එම නීත්‍යනුකූල සැමියාගේ හා දරු දෙදෙනාගේ කීර්තිනාමයට අපහාස වන ආකාරයට ඡායාරූප පෙළක් මුහුණු පොත (ෆේස්බුක්) හරහා අන්තර්ජාලයට මුදාහැරිය බව කියන සැකකාරියක ඇප මත මුදාහරින ලෙස නියෝග කළ නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා එසේ අන්තර්ජාලයට ඡායාරූප මුදාහැරීම වහාම නවතා දමන ලෙසටද සැකකාරියට නියෝග කළේය.

අනියම් සැමියකු සමඟ පලා ගිය තම බිරිය ඇගේ අනියම් සැමියා සමඟ පෙනී සිටින ඡායාරූප මුහුණු පොත හරහා අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් එම ඡායාරූප දුටු තම දරු දෙදෙනා අධ්‍යාපනය ලබන පාසල්වල සිසු සිසුවියන් ඒ පිළිබඳව තම දරු දෙදෙනාට දන්වා ඇති බවත් තම නීත්‍යනුකූල බිරිය වන සැකකාර කාන්තාව සිදු කරන මේ ක්‍රියාව නිසා තම දරු දෙදෙනා මෙන්ම තමාද මානසිකව ඇදවැටී ඇති බවත් එම නිසා එම ක්‍රියාව වහාම නතර කර ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලමින් මහරගම පොලිස් බල ප්‍රදේශයේ සැමියකු මහරගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව අධිකරණයෙන් ඇයට එසේ අවවාද නිකුත් කෙරුණි.

මහරගම පොලිසියේ සැරයන් නවරත්න (16379) මහතා අධිකරණයට දැක්වූ කරුණු අනුව මේ සිද්ධිය අනාවරණය කෙරුණු අතර මේ සැකකාරිය කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචිකාරියක බවද අනාවරණය කෙරුණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com