master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

16 හැවිරිදි පාසල් දැරියක් පැහැරගෙන යන්න හැදුව හැටි


2017-08-11 10:19:07 -  522 යි

පාසල් යෑම සඳහා නුගේගොඩ ප්‍රදේශයේ බස් නැවතුම්පොළක රැඳී සිටි 16 හැවිරිදි පාසල් දැරියක පාසලට ඇරලවන මුවාවෙන් ත්‍රිරෝද රථයක දමාගෙන මහරගම ප්‍රදේශයේ නවැතැන්පොළක් වෙත රැගෙන ගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව කොහුවල පොලිසිය පවසයි.

මෙම බාලවයස්කාර දැරිය පසුගිය දිනක පෙරවරුවේ නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ බස් නැවතුම්පොළක බසයක් එනතුරු රැඳී සිටි අතරවාරේ ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකාර පුද්ගලයා ඇයව පාසලට ඇරලවන මුවාවෙන් ත්‍රිරෝද රථයට නංවාගෙන ඇති බවත්, එකී පුද්ගලයා එම දැරියගේ නිවෙස ඉදිරිපිට ඇති නිවෙසක මීට පෙර නවාතැන් ගෙන සිටි දන්න හඳුනන පුද්ගලයකු නිසා ඇය ඔහු සමඟ එසේ ගොස් ඇති බවත්, ත්‍රිරෝද රථය ධාවනය කර ඇත්තේ වෙනත් පුද්ගලයකු බවත් අනාවරණය වී ඇත.
"අද අම්මා ගෙදර නැද්ද? අද ඉස්කෝලෙ කට් කරන්න බැරිද?" යනුවෙන් ඇගෙන් ප්‍රශ්න කීපයක් අසා ඇති සැකකාර පුද්ගලයා ඇයව පාසලට රැගෙන නොගොස් මහරගම ප්‍රදේශයට රැගෙන යෑමට උත්සාහ කර ඇති බවද, ඒ අවස්ථාවේ ඇය හඬා වැලපී තමන්ව පාසලට ඇරලවන ලෙසට ඉල්ලා සිටියද ඇයගේ හඬට කන් නොදුන් සැකකාර පුද්ගලයා හා එම ත්‍රිරෝද රථයේ රියැදුරා ඇයව මහරගම පමුණුව ප්‍රදේශයේ නවාතැන්පළකට රැගෙන ගොස් ඇති බවද අනාවරණය වෙයි.

පාසල් ඇඳුමෙන් සිටි දැරිය දුටු එම නවාතැන්පළේ සිටි කාන්තාවන් දෙදෙනකු සැකකරුවන්ගෙන් ඇය පිළිබඳව තොරතුරු විමසීමට උත්සාහ කිරීමේදී ඔවුන් ඇයව නැවත ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් පාසල අසල දමා පලාගොස් ඇති බවද පසුව ඇය පාසලට ගොස් ඇය මුහුණදුන් සිද්ධිය පාසලේ ගුරු මණ්ඩලයට පැවසීමෙන් පසුව ඇගේ මවුපියන් පාසලට කැඳවූ නියෝජ්‍ය විදුහල්පතිවරිය ඇයව කොහුවල පොලිසියට රැගෙන ගොස් පැමිණිල්ලක් කරන ලෙසට දන්වා ඇති බවද වාර්තා වෙයි.
මෙම සිද්ධියට අනුබල දුන් බව කියන ත්‍රිරෝද රථ රියැදුරා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com