master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ආවා කල්ලිය වමාරයි - තවත් සැකකරුවන් අල්ලයි


2017-08-10 07:00:20 -  300 යි

යාපනයේ ක‍්‍රියාත්මක ආවා කල්ලියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින්.

තෙලිප්පලේ පොලිස්වසමේ දී සැකකරු ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු එම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ආවා කල්ලියට සම්බන්ධ ප‍්‍රධාන පෙලේ සැකකරුවෙකු ඇතුළු තවත්  හය දෙනෙකු ඉකුත් 07 වැනිදා අත්අඩංගුවට ගැණුනා.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඉකුත් දා එල්ල වූ ප‍්‍රහාරයට ඔවුන් සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com