master
New Page 1

ගස්‌ දෙබලක සිරවී වලවේ රාජා සමුගනී


2017-08-09 08:25:23 -  245 යි

බළන්ගොඩ කල්තොට ගොවි ජනපදය ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක සැරිසරමින් සිටි නමුත් මිනිසුන්ට හිරිහැරයක්‌ නොවන ලෙස ජීවත්වූ 'වලවේ රාජා' නමැති දළ ඇතා මැදබැද්ද බෝගහපට්‌ටිය කැලෑ ප්‍රදේශයේ ගස්‌ දෙකක්‌ අතර සිරවී මියගොස්‌ සිටියදී වනජීවී නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.

වලවේ රාජාට වයස අවුරුදු 50 පමණ වන අතර වයස අවුරුදු 04 පමණ ඇත් පැටවකු සමඟ සැරිසැරූ බව වනජීවී නිලධාරීහු පැවැසූහ. අඩි හතරක්‌ පමණ දිග දළ යුගලයක්‌ද, තිබූ මෙම ඇතා බෑවුම් සහිත ප්‍රදේශයකදී ගස්‌ දෙකකට පිටුපස දෙපා සිර වී හොඬය ද ඒ අතර සිරවී මියගොස්‌ සිටියදී ඉකුත් 2 දා සොයා ගැනීමට හැකි වී ඇත්තේ දුගඳ හමන තත්ත්වයක්‌ තිබූ බැවිනි. එබැවින් මළ සිරුර හමුවීමට දින තුන හතරකට පෙර ඇතා මියගොස්‌ සිටි බවට අනුමාන කළ හැකි බව වනජීවී නිලධාරීහු පැවසූහ.

උඩවලව වනෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා අවසන් කටයුතු සිදු කරන ලද්දේ ආගමික වතාවත්වලින් පසුවය. වලවේ රාජා බෝගහපට්‌ටිය, ඉලුක්‌පැලැස්‌ස, මැදබැද්ද ආදී ප්‍රදේශවල සැරිසැරුවත් ගම්වැසියකු විසින් ඌට යම් විධානයක්‌ දුන් සැණින් පිටවී යැම වලවේ රාජාගේ සුවිශේෂී ලක්‍ෂණයක්‌ විය. 

මියගිය ඇතා දැක බලා ගැනීමට ගම්මු විශාල පිරිසක්‌ මෙම ස්‌ථානයට පැමිණියහ. වන සත්ත්ව නියාමක ඩබ්ලිව්. එම්.පුෂ්පිත මහතා ප්‍රකාශ කළේ ඇතාගේ දළ යුගලය උඩවලව වනජීවී කාර්යාලයට භාරදුන් බවයි.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com