master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

උතුරු කොරියාවට එරෙහි ප්‍රකාශය විදේශ කටයුතු බලධාරීන්ගේ වැඩක්‌...


2017-08-08 10:17:05 -  230 යි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවසරයක්‌ නොමැතිව උතුරු කොරියාවට එරෙහිව නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කර ඇත්තේ විදේශ කටයුතු බලධාරීන් විසින් බව පරීක්‌ෂණවලින් හෙළිවී ඇත.පසුගිය ජුලි 29 දා ප්‍රකාශයට පත්වූ මෙම නිවේදනය පිළිබඳව පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබුණි.

මෙයට පෙර එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්ට හිටපු කොටි ක්‍රියාකාරීන් හමුවීම සඳහා සිරගෙවල්වලට යැමට අවසර දී ඇත්තේ ද විදේශ කටයුතු බලධාරීන් බව සනාථ වී ඇත.

මේ නිසා විදේශ කටයුතු ලේකම් ඇසළ වීරකෝන් මහතා සංචාරක අමාත්‍යාංශයට යවා ප්‍රසාද් කාරියවසම් මහතා නව විදේශ ලේකම් ලෙස පත්කර ඇත.

උතුරු කොරියාවට එරෙහිව නිවේදනයක්‌ නිකුත් කිරීම ගැන තමා නොදන්නා බව විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා ද ප්‍රකාශ කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com