master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

වරාය සේවකයන් ඒකාබද්ධ වෙයි: සටන් සතියක් කොළඹින් අරඹයි


2017 01 01 12.18 PM -  1235 යි

සමස්ත වරාය සේවකයන් ඒකාබද්ධ වෙමින් සටන් සතියක් කොළඹ වරායෙන් ජනවාරි 02 වෙනිදා ආරම්භ කරන බව සමස්ත ලංකා වරාය ‍පොදු සේවක සමිතිය පවසයි.

හම්බන්තොට වරාය විකිණීම, එම ප්‍රදේශයේ ඉඩම් අක්කර 15,000 ක් චීන සමාගමකට පැවැරීම, දකුණු කොළඹ වරාය නැගෙනහිර ජැටිය විකිණීම යන කාරණාවලට එරෙහිව මෙම විරෝධතා සතිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ජනවාරි 02 වෙනිදා සිට 8 වෙනිදා දක්වා වරාය සේවකයන් කළු විරෝධතා සතියක් නම් කරමින්, එහි සියලු සේවකයන් කළු පටි පැළඳ සේවයට වාර්තා කිරීම, වරාය සියලු වාහනවලත් එහි සියලු අංශ තුළත් කළු කොඩි එසවීමටත් කටයුතු යොදා තිබෙන බවද එම වෘත්තීය සංගමයේ ප්‍රධාන ‍ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේය.

එසේම ජනවාරි 06 වෙනිදා සියලු වරාය සේවකයන් ඒකාබද්ධ වෙමින් කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කිරිමට ද සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ද හම්බන්තොට වරාය විකිණීමට අදාළ ගිවිසුමට ජනවාරි 08 වෙනිදා අත්සන් තැබිමට ආණ්ඩුව සූදානමින් සිටින බවත් වරාය සේවකයින්ටත් රටටත් ජනතාවටත් විශාල හානියක් වන එම ගිවිසුමට එරෙහිව මෙම ක්‍රියාමාර්ග සූදානම් කර තිබෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම වරාය විකිණීමට කටයුතු නොකරන ලෙසට සිය වෘත්තීය සංගමය මැදිහත්ව අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද එසේම රටේ වටිනා මහජන සම්පතක් විකුණන්න එපා යැයි ආණ්ඩුවට කියා සිටි බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com