master
New Page 1

හාල් මිල රු. 20කින් පහළට?


2017 01 01 11.12 AM -  1683 යි

තීරුබදු රහිතව සහල් මෙරටට ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර දීමත් සමඟ සහල් කිලෝවක් වෙළෙඳපොළේ දැන් පවතින මිලට වඩා රුපියල් 20ක් අඩුවෙන් පාරිභෝගිකයන්ට ලබාදීමට හැකිවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් තීරුබදු රහිතව මෙරටට ආනයනය කිරීමට රජය මේ වන විට පෞද්ගලික අංශයට අවසර ලබාදී තිබේ.

ආනයන සහල් තොගය ජනවාරි මුල් සතියේ සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

රජය එලෙස අවසර ලබාදී ඇත්තේ මහකන්නය තුළ නියඟයක් පැමිණීමට ඇති හෙයින් මෙරට ගොවීන් වී වගා කිරීම අඩුකර ඇති බවට සහ සහල් ව්‍යාපාරිකයන් කෘත්‍රිම ලෙස හිඟයක් ඇති කිරීමට සැලසුම් කර ඇති හෙයින් සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණිනි.

එසේ වුවද වෙළෙඳපොළේ සහල් මිල මේ වන විට විශාල ලෙස ඉහළ ගොස් ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com