master
New Page 1

අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවෝ වැඩ වර්ජනයේ


2016 12 31 11.12 AM -  585 යි

අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය අද උදෑසන සිට වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරනවා. උදෑසන 6.00ට ආරම්භ කළ එම වර්ජනය හෙට උදෑසන 6.00 දක්වා කි‍්‍රයාත්මක කරන බවයි අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් නිමල් චන්ද්‍රසිරි පැවසුවේ.

තමන්ට ලැබෙන රුපියල් 7500ක් වූ මාසික දීමනාව මෙතෙක් වැඩි නොකිරීම සහ එම දීමනාව ද නිසි පරිදි තමන් වෙත නොගෙවීම හේතුවෙන් වර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com