master
New Page 1

චින වරායට ගිය ඛනිජ තෙල් ඉංජිනේරුවන් අත්අඩංගුවට


2016 12 29 03.38 PM -  978 යි

ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි ශ්‍රී ලංකා රජයට අයත් තෙල් ටැංකි පරීක්ෂා කිරීමට ගිය ඛනිජ තෙල් සංස්ථාවේ ඉංජිනේරුවන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

චීන වරායේ පිහිටි තෙල් ටැංකි 16ක් තෙල් සංස්ථාවේ පරිහරණය සදහා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු එම ටැංකි පරීක්ෂා කිරීම සදහා මෙම ඉංජිනේරුවන් පිරිස අද දිනයේ චීන වරායට ගිය මොහොතේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

බලහත්කාරයෙන් ඇතුළුවීමේ චෝදනාව යටතේ ඉන්දියානු තෙල් සමාඟම සිදුකළ පැමිණිල්ලක් මත ඔවුන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

කෙසේ වෙතත් තමන් එම ස්ථානයට ගියේ රජයේ තීරණයක් ක්‍රියාත්මක කිරීමට බැවින් ඉන්දියානු සමාගමට එරෙහිව රාජකාරියට බාධා කිරීම යටතේ පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ඛනිජතෙල් සේවකයින් පවසයි.

මීට පෙර අවස්ථාවකදීද ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් පිරිසක් මෙම පරිශ්‍රය පරීක්ෂා කිරීමට ගියද ඊට ඇතුළු වීමට ඉන්දියානු තෙල් සමාගම ඉඩ දී නොතිබිණි. කැබිනට් මණ්ඩල තීරණ හෝ ශ්‍රී ලංකා රජයේ තීරණ තමන්ට වැදගත් නොවන බවත් ඉන්දීය රජයේ නියෝගයක් ලැබුණහොත් පමණක් ඇතුළු වීමට ඉඩ ලබා දෙන බව ඉන්දියානු තෙල් සමගම එහිදී දන්වා තිබුණි.

  ඔබේ අදහස්
Nme - Perumal
Message -බය වෙන්න එපා. මොනවා හරි ප්‍රශනයක් වුනොත් 1990 කෝල් කරන්න. අැම්බියුලන්ස් එකක් අනිවාර්යයෙන්ම එයි. ඉන්දියාවෙන් එපා කිවුවොත් එන එකක් නෑ
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com