master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

යාපනයේ විද්‍යා නඩුවෙන් නියෝජ්‍ය පොලිස්පති බේරන්න CID ය බරටම වැඩ


2017-07-15 11:31:11 -  835 යි

ඝාතනය කෙරුණු යාපනයේ විද්‍යා දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ආරක්ෂා කිරීමේ චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ආරක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටී. එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු විද්‍යා ඝාතනයට අදාළ පරීක්ෂණයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ගලවා ගැනීමේ මෙහෙයුමේ මූලිකත්වය ගෙන කටයුතු කරන බව අනාවරණය වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ විමර්ශනයට අදාළ ව නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති උධෘත ගොනුවලින් හිතාමතාම නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කරුණු ඉවත් කර ඇතැයි යන සැකය මතු වන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තා මත පදනම්ව නීතීපති දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කරන බවයි. එසේ අදාළ විමර්ශන වාර්තාවල සඳහන්ව නැති පුද්ගලයකුට එරෙහිව චෝදනා ගොනු කිරීමේ හැකියාවක් නැති බව ද පෙන්වා දුන් අදාළ නිලධාරියා, නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජ්‍ය නිලධාරියකු වන නිසා ඔහුට එරෙහිව කටයුතු කළ හැකි ආකාර කිහිපයක් ම පවතින බව ද පැවසීය. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අදාළ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පොලිස් කොමිසම දැනුවත් කළ හැකි ව තිබූ බවත්, එවැන්නක් සිදු වී නැති බවත් සඳහන් කළ අදාළ නිලධාරියා, මෙවැනි තත්ත්වයක් යටතේ අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා ගොනු නොකරන බව පවසමින් නීතිපති දෙපාර්තමේන්තුවට දෝෂාරෝපණය කිරීම අසාධාරණ බව ද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසුවේ විද්‍යා ඝාතනයට අදාළ පරීක්ෂණ කිසිදු බලපෑමකින් තොරව නිසි පරිදි සිදු කරන බවත්, අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සිද්ධියේ දී සැකකරුවන්ට ආරක්ෂාව සපයා ඇත්නම් ඒ පිළිබඳව ඉදිරි දිනවල අධිකරණයේ දී හෙළි වනු ඇති බවත් ය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com