master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

පොල්ල තිබ්බ පොලිස් කොස්තාපල්ට රිද්දන්න තරුණයා කරපුදේ


2017-07-14 17:37:10 -  572 යි

ත්‍රිරෝද රථය උකසට තබා පොලිස් කොස්තාපල්වරයෙකුට ලබා දුන් ණය මුදල් නැවත ලබා දීම ඔහු පැහැර හැරීම නිසා සිත්තැවුලට පත්වූ අවිවාහක තරුණයෙකු ගෙල වැලලාගෙන මියයාමේ පුවතක් අනුරාධපුර නගර ආසන්නයෙන් වාර්තා වෙනවා.

අනුරාධපුර තුන්වැනි පියවර ජයසිරිපුර ලිපිනයේ පදිංචිව සිටි 28 හැවිරිදි අවිවාහක තරුණයෙකු සිය නිවෙසේ නිදන කාමරයේ දිවිනසා ගැනීම සිදුකරගෙන තිබු බව පරීක්ෂණ සිදු කළ අනුරාධපුර මුලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශය පැවසීය.

මෙම තරුණයා ත්‍රිරෝද රථයෙන් කුලී ගමන් යාම සිදු කර තිබෙන අතර මිත්‍රයකු වශයෙන් ඇසුරු කළ පොලිස් කොස්තාපල්වරයාගේ හදිසි අවශ්‍යතාවයකට මුදල් අවශ්‍ය වීම නිසා ත්‍රිරෝද රථය උකසට තබා රුපියල් ලක්ෂයක මුදලක් ඔහුට ලබාදී තිබෙන බව පොලීසිය සිදුකළ පරීක්ෂවලදී අනාවරණය වී තිබිණි.

උකසට තැබූ ත්‍රිරෝද රථය සින්නවිමට පෙර බේරා දෙන ලෙස පොලිස් කොස්තාපල්වරයාට තරුණයා දුරකතන ඇමතුම් ලබා දෙමින් ඇවටිලි කර ඇතත් පසුව ඔහු දුරකතනයට ප්‍රතිචා(10) ඔහු ඒ පිළිබඳව වැඩිමහල් සහෝදරයාට පවසා තිබෙන බවත් පරීක්ෂණ සිදුකළ පොලීසිය වැඩිදුරටත් පැවසීය.

සහෝදරයා ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් ඩි ඇතත් කොස්තාපල් මිතුරාගේ නම ගම පදිංචිය හෝ සේවය කරන පොලිස් ස්ථානය ඔහු දැන සිට නැති බවත් පොලීසය අනාවරණය කර ගෙන තිබිණි.

කිසිවකුටත් බරක් නොවී ජීවත් වීමට තිබු මාර්ගය ඇහිරී යෑමෙන් සිත් කළකිරී සිටි තරුණයා ගෙල වැලලා ගැනීමට පෙර මිතුරන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී සහෝදරයා සමඟ රාත්‍රියේ මත්පැත් පානය කර රාත්‍රී නින්දට ගොස් අනතුරුව ගෙල වැලලාගෙන තිබෙන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com