master
New Page 1

යූටියුබ් අතර හිට්වූ කොලරාඩෝ වලහා


2017-07-13 09:10:33 -  414 යි

ඇමෙරිකාවේ කොළරාඩෝ ප්‍රාන්තයේ පිහිටි නිවසකට පැමිණි වලහෙක් පැය 6 ක කාලයක් නිවසේ ගතකිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

නිවස ඇතුළු වූ මේ වලසා පුරුදු ඇත්තෙකු මෙන් ගමන්ගෙන කුස්සියේ දොරේ සරනේරු ගලවා දොර කඩා දමා පසුව කෙළින්ම ශීතකරණය අසලට ගොස් පසුපස කකුළ් දෙකෙන් සිට ගෙනඑහි ඇති ස්ට්‍රෝ‍බෙරි, චෙරි, ඇපල්, ඕට්මීල්, වැනි ආහාර කා දමා ඇති බව Colorado Springs Gazette වාර්තාව කර තිබේ.

නිවෙස් හිමි Chris ODubhraic මේ වන විට උඩු මහලේ නිදාසිට ඇති අතර පැය 6 කට පසු ඔහුට අමුතු ශබ්දයක් ඇසුණු බැවින් පහත මාහලේ සිදුවෙමින් තිබූ විපර්යාසය බැලීමට ගොස් ඇත.

එහිදී ඔහු වලහා දැකීමෙන් මහත් සේ භීතියටත් උඩුයටිකුරු කර ඇති මුළුතැන්ගෙය දැකීමෙන් කෝපයට පත් වූ බවත් පවසයි.

එරට වනජීවි නිළධාරීන් පවසන්නේ පසුගිය ජූනි මාසයේද එම ප්‍රදේශයේ පිහිටි නිවසකට වලහෙක් පැන අයිස් ක්‍රීම් සහ තවත් කෑම වර්ග සොරාගෙන ඇති බවයි.

තවද පසුගිය දිනෙක වලහෙක් පැනීම නිසා කාන්තාවක් සිය මෝටර් රථයේ සිර වී සිටි පුවතක්ද වාර්තා වී ඇති අතර ඒ වැඩද මේ වලහා විසින් සිදුකර ඇති බවට අනුමාන කෙරේ.

කෙසේවුවද මේ සිද්ධියට යූටියුබ් හරහා විශාල ප්‍රචාරයක් ලැබී තිබීම විශේෂිතය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com