master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ලන්ච් ෂීට්‌ - ෂොපින් බෑග් හා රිජිෆෝම් කෑම පෙට්‌ටි තහනම ක්‍රියාත්මකයි


2017-07-13 08:16:20 -  429 යි

පොලිතින් හා ප්ලාස්‌ටික්‌ මගින් පරිසරයට වන හානිය වැළැක්‌වීමට ආහාර දවටන (ලන්ච් ෂීට්‌) රෙජිෆෝම් ආහාර දවටන පෙට්‌ටි හා ෂොපින් බෑග් පාවිච්චිය ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිsට තහනම් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා ඊයේ (12 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදනවලට අනුව 2006 ඔක්‌තෝaබර් මස 10 වැනිදා නිකුත් කර ඇති අංක 1466-S දරන පනතේ රෙගුලාසිවලට අනුව මෙම තහනම පැනවූ බව හෙතෙම පැවසීය.

මේ අනුව ඉහත ද්‍රව්‍යයන් ආනයනය, නිෂ්පාදනය හා විකිණීම සහ භාවිතය තහනම් වන අතර එය උල්ලංඝනය කරන්නන් හට ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදනවලට අනුව සහ සිවිල් නීතිය අනුව දඬුවම් පැමිණ විය හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා කීය.

එසේම ජාතික, ආගමික, සමාජීය, සංස්‌කෘතික සහ දේශපාලන උත්සව ඇතුළු සියලු උත්සවයන්හිදී පොලිතින් භාවිතය තහනම් බවද විවෘත භූමියේ හෝ පරිශ්‍රයේ පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ පිළිස්‌සීම තහනම් බවද හෙතෙම සඳහන් කළේය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා ඊයේ (12 දා) එම අදහස්‌ පළ කළේ බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එම අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකදීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com