master
New Page 1

හොර ස්කවිතිගේ හොර සමාගමෙන් ලිපිගොනු අතුරු දහන්ලු


2017-07-12 11:38:39 -  320 යි

මහජනතාව විසින් තැන්පත් කරනු ලැබූ රුපියල් කෝටි 162ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබෙන සක්විති රණසිංහ නමැත්තාට අයත් සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගමේ ලියාපදිංචියට අදාළව සමාගම් මැදුරේ තිබූ ලිපිගොනු අතුරුදන් වී ඇතැයි නීතිපතිවරයා ඊයේ (11දා) කොළඹ මහාධිකරණයට දැන්වීය.
එම මුදල් වංචාව සම්බන්ධයෙන් සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවක් ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ විමර්ශනයක් සඳහා සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගමේ ලියාපදිංචියට අදාළ ලිපිගොනුව ලබාදෙන මෙන් රහස් පොලිසිය විසින් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වන සමාගම් මැඳුරෙන් ඉල්ලීමක් කර ඇති බවය. එම අවස්ථාවේදී අදාළ ලිපිගොනුව අතුරුදන් වී ඇති බව සමාගම් මැඳුරේ නිලධාරීන් විසින් රහස් පොලිසියට දැනුම් දී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා මෙම සිද්ධිය පිළිබඳව සමාගම් මැඳුරේ අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කළේය. ඒ ඔස්සේ ඉදිරි පරීක්ෂණ සිදු කරන්නැයි රහස් පොලිසියට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම පරීක්ෂණවල ප්‍රගතිය ඔක්තෝබර් මස 10 වැනිදා වාර්තා කරන ලෙසද රහස් පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com