master
New Page 1

මැතිව්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වෙන්නේ මේ හින්දයි


2017-07-12 10:57:45 -  255 යි

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වූයේ කරුණු දෙකක් නිසා බව හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

මේවනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක දී ඔහු මේබව සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය බාර ගැනීම සඳහා සුදුස්සන් දෙදෙනෙකු සිටින බවට තහවුරුවූ නිසා මෙන්ම මීළඟ ලෝක කුසලානය සඳහා කණ්ඩායමක් සකසා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු නිසා තමන් ඉවත්වන බවයි මැතිව්ස් එහිදී කියා සිටියේ.

පසුගිය සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පරාජය සම්බන්ධයෙන් වගකීම තමන් බාර ගන්නා බවද ඔහු මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com