master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

'ජීවත් වන්නේ කටුමැටි ගෙදරක-අවයව පරිත්‍යාගයට ලැබුනු ලක්ෂ හයත් ප්‍රතික්ෂේප කරලා'


2017-07-11 16:13:20 -  602 යි

ශ්‍රී ලංකාවේ ප්‍රථම හෘද බද්ධ කිරීමේ සැත්කම පිළිබද පුවතක් පසුගිය දින අප ඔබට ගෙනාවා. එම සැත්කමේ හදවත් දායකයා ලෙස කටයුතු කර තිබුනේ 21 හැවිරිදි ප්‍රදීප් කුමාර නම් තරුණයෙක්.
හදිසි අනතුරකින් මොළය මියගිය ප්‍රදීප් තවදුරටත් ජීවත් නොවන නිසා ඔහුගේ පවුලේ සමාජිකයන් මෙම උතුම් පරිත්‍යාගය කර තිබුනා. ඔහුගේ හදවත පමණක් නොව වකුගඩු , ඇස් ද පරිත්‍යාග කිරීමටද ඔහුන් පෙළඹ තිබුනා.
මහනුවර මාවිල්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටින ප්‍රදීප්ගේ පවුල ජීවත් වන්නේ ආර්ථික අගහිඟකම් සමග රජයේ ඉඩමක කටුමැටි සහිත නිවසකය.

ප්‍රදීප්ගේ ශරිර අවයව වෙනුවෙන් ලක්ෂ 6 ක පමණ මුදලක් රෝහල මගින් ඔවුනට ලබාගැනීමට හැකියාව තිබුණත් තම දරුවා වෙනුවෙන් කරන පින්කමක් ලෙස සලකා ඔහුගේ දෙමාපියන් ඒ වෙනුවෙන් සතයක් හෝ නොගෙන තම එකම පුතුගේ හදිසි වියෝව වෙනුවෙන් ඔහුට කරන උපරිම උපහාරයක් ලෙස මුදල් නොගෙන එම දානය සිදු කර තිබුනි.

මියගිය ප්‍රදීප්ගේ පියා රැකියාව කරන්නේ කම්කරුවෙක් වශයෙනි. ප්‍රදීප්ගේ මව රැකියාවක් නොකරයි. ප්‍රදීප්ට සොයුරියන් දෙදෙනෙක් සිටින අතර වැඩිමල් සොයුරිය කලකට ඉහත විවාහවී වෙන්ව ජීවත් වන අතර ප්‍රදීප්ගේ නැගණියද  අධ්‍යාපනය අවසන් කර නිවසේ සිටී. ආර්ථික අගහිඟකම් සහිත පවුලක එකම පිරිමි දරුවා වූ ප්‍රදීප් අධ්‍යාපනය ලබා ඇත්තේ සාමාන්‍ය පෙළ දක්වා පමණි. ඔහු ශ්‍රී රේවත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා හමාර කර රැකියාවක් අපේක්ෂාවෙන් පසුවූයේය.

මේ අතරවාරයේ ඔහුට ගරාජයක වැඩ කරන්න පුහුණුවෙන්න පැමිනෙන්න යයි ලැබුනු ආරාධනාවකට අනුව එම පුහුණුවීම් සඳහා පිළිමතලාව ප්‍රදේශයට යාම සිරිතක් කරගෙන සිටියේය. ඔහු සමග එම ස්ථානයේ පුහුණුවට ගියේ ඔහුගේ සොයුරියගේ සැමියාය.
එම දෙදෙන මෝටර් සයිකලයකින් රැකියාවට යන අතරේ පසුගියදා ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා ගමන් කරමින් තිබු රජයට අයත් වෑන් රථයක හැපී අනතුරක් සිදුවිය. මෙම අනතුරින් දෙදෙනාටම තුවාල සිදුවූ අතර ප්‍රදීප්ගේ තත්වය බරපතල විය.

මුලින්ම බඹරදෙනිය රෝහලටත් පසුව මහනුවර මහ රෝහලටත් මාරු කර යැවූ  ප්‍රදීප් උපකරණ 7 ක් යොදවා විවිධ ආකාරයට ප්‍රතිකාර වලට බඳුන්වූ නමුත් මොළය මියයාම වළක්වාගන්නට නොහැකි විය. මොළය මියගිය පසු ඔහුගේ ශරීරයේ අවයව කාට හෝ ප්‍රයෝජනයකට යොමු කරන්නට නොහැකිදැයි රොහල් බලධාරීන් ප්‍රදීප්ගේ දෙමාපියන්ගෙන් විමසීමක් කළ අතර එයට යහපත් ප්‍රතිචාර ලැබීම මත හදවත,ඇස් හා වකුගඩු පරිත්‍යාගයන් සිදු විය.

ප්‍රදීප්ගේ මව මේ පිළිබදව මාධ්‍යයට අදහස් දක්වා තිබුනේ මෙසේය.

මට හරි දුකයි ඒ වුණාට එක අතකින් බලන කොට මට ගොඩාක් සතුටුයි.එයාගෙ හදවතින් අද තව කෙනෙක් ජීවත් වෙනවා.වකුගඩු වලින් තව දෙන්නෙක් ජීවත් වෙනවා. ඇස් දන්දුන්නට පස්සෙ ඇස් වලින් තව 4 දෙනෙක් එළිය දකිවි.අපිට ඒ ගැන ගොඩාක් සතුටුයි ලෙසය.  

ප්‍රදීප්ගේ දෙමාපියන්


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com