master
New Page 1

ටියුෂන් ගුරාගෙන් කෙලෙසුණු දැරියට ගුරුවරිය තවත් අපරාධයක්


2017-07-11 12:01:19 -  840 යි

තම සැමියා අතින් ගැබිණියක් බවට පත් වූ පාසල් ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූප සිය විද්‍යාලයේ පාසැල් ගුරුවරුන්ට ප්‍රදර්ශණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ ගුරුවරියක් රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපයක් හා රුපියල් 15000 ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් භාරති විජේරත්න මහත්මිය ඉකුත් 7 වැනිදා නියෝග කළ අතර, දැරිය ගැබිණියක් කළ බව කියන සැකකාර ගුරුවරයාව තවදුරටත් මෙම මාස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙසද විනිසුරුවරිය නියෝග කළේය.

දැරිය රැගෙන ගිය බව කියන සංචාරක හෝටලය පරික්ෂාකර එම දැරිය සංචාරක ලැගුම්හලට රැගෙන ගොස් ඇතැයි පොලීසිය අධිකරණයට කරුණු ප්‍රකාශ කළේය.

සංචාරක ලැගුම්හල් හිමිකරු ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයි සඳහන් කරමින් එහි කළමනාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com