master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

17හැවිරිදි දියණියගේ පෙම්වතා සමඟ අම්මා පැන යයි


2017-07-04 13:28:57 -  1819 යි

තම දරුවන් සහ ස්වාමියා අතහැර දමා දියණියගේ පෙම්වතා සමඟ පැනගිය මවක් පිළිබඳව පුවතක් අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ දියණියගේ වයස අවුරුදු 17 ක් වන අතර ඇය තම උපකාරක පංතියේ සම වයසේ තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන තිබෙනවා.

පසු දිනක මේ පිළිබඳව තරුණියගේ දෙමව්පියන් අකමැත්තක් නොදැක්වූ හෙයින් ඔවුන් දෙදෙනා නිදහසේ කාලය ගතකර ඇති බවටයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා එක්ව උපකාරක පංතියට පවා සහභාගී වී ඇති බවටයි වාර්තා වන්නේ.

පසුගිය දා තරුණිය තම පෙම්වතා එනතුරු මගබලා සිට ඇති අතර ඔහු නොපැමිණීම හේතුවෙන් තරුණිය නිවසට ගොස් තිබෙනවා.

එහිදී දැනගැනීමට ලැබී ඇත්තේ තම මව නිවසේ නොමැති බවයි.

පසුව තරුණියට දැනගන්න ලැබී ඇත්තේ තමන්ගේ පෙම්වතා සමග මව පැනගොස් ඇති බවයි.

අදාළ කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන අතර නිවසින් පැනයන අවස්ථාවේ නිවසේ තිබූ මුදල්ද රැගෙනගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com