master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

16 හැවිරිදි දියණියව අඹුකමට ගත් පියාට අත් වූ ඉරණම


2017-07-04 10:36:56 -  1744 යි

වයස අවුරුදු 16 ක් වූ තම දියණිය බිරිඳ ලෙසින් තබාගත් පියෙකුට අද බරපතල වැඩ සහිතව වසර 8 ක් සිර දඬුවමක් නියමකළා.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ලබාදුන් අතර එහිදී රුපියල් 5000 ක දඩයක්ද සැකකරුට නියමකළා.

එම තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා රුපියල් 150 000 ක් එක්ලක්ෂ පනස්දහසක මුදලක් දැරියට ගෙවන ලෙසටද නියෝග කළා.

අදාළ මුදල ගෙවීමට නොහැකි නම් වරදකරුට සිර දඬුවම තවත් වසරකින් දීර්ඝ වනු ඇති.

දැරියගේ මව මියගොස් ඇති අතර අනතුරුව මෙම දැරිය සහ ඇයගේ මිත්තණිය සමඟ සැකකාර පියා පමණක් නිවසේ වාසයකර ඇති බවටයි අධිකරණයේදී අනාවරණ වූයේ.

2009 වසරේ ජනවාරි මස සිට එම වසරේ ජුනි මස දක්වා කාලය තුලදීයි සැකකරු විසින් මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇත්තේ.

අදාළ අපරාධය සිදුවන විට දැරියගේ වයස අවුරුදු 16 ක් සහ සැකකාර පියාගේ වයස අවුරුදු 49 ක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණට ඉදිරිපත්කළ පළමු දිනයේදීම තමන් වැරදිකරු බවට පිළිගෙන තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com