master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

කසාදෙ තුන් පාරක් කෙල උන පොරක් දන්නවද ?


2017-06-17 14:19:01 -  870 යි

තමන්ගේ පෞද්ගලික ජිවිතේ රංගනය වෙනුවෙන් කැප කළ නළුවෝ තවත් කලෙකදී ජිවිතයේ හුදකලා වෙනවා.

අපොන්සු කැදැල්ලට අපි යනකොට වෙනදට සුවඳ හමන කහ මල් පාත්තියත් පරවෙලා තිබුණා. ගේ ඇතුලට වෙන්න පුදුම නිහැඬියාවක් අපිට දැනුණා.

ජයසේකර අපොන්සු මේ දවස්වල අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණේ නැත්ද?

මේ ටිකේ ගෙදරට වෙලා ඉන්නවා.

වේදිකාව එපාවෙලාද, රංගනය එපා වෙලාද?

ඒ කාරණා දෙකම නෙමෙයි. පසුගිය දවස්වල නිහඬව ඉන්න එක හොඳයි කියල හිතුනා.

මුල් කාලේ වගේ නෙමෙයි අද හාස්‍ය වේදිකාව?

ඔව්.. ගොඩක් අය දෙපිට කැපෙන වචන කියනවා. පවුලේ හැමෝටම එකට බලන්න තියෙන කොමඩි ගොඩක් අඩුයි. මං නාට්‍ය කරන්නේ ඒ විදිහට නෙමෙයි.

පසු කාලේ අපොන්සු මරණය, ඉන්පසු මතු ආත්මය වගේ කාරණා ඉස්මතු වන ටෙලිනාට්‍ය පැත්තට අතගැහුවේ ඇයි?

මම ඒ ගැන පොත් කියෙව්වා. අනෙක දැන් අපි ටිකෙන් ටික සුරංගනා කතාවලින් මිදෙන්න ඕනෑ. එතන ඒකාකාරී බවක් තියෙනවා කියල මට හිතෙනවා.

ඔය අතරේ පෞද්ගලික ජීවිතයත් නාට්‍යට නැගුවා නේද?

ඔව්..1975 අවුරුද්දේ හොඳම නළුවා බවට පත්වුණා. ඒත් අවාසනාවකට මං මගේ මුල්ම විවාහයෙන් වෙන් වුණෙත් ඒ අවුරුද්දේ. මගේ මුල් බිරිය මාව හෑල්ලු කළා. අවුරුදු ගානක් මම උසාවිවල රස්තියාදු වුණා.

එතනින් වැටුණු ඔබ නැවතත් කලාවට ආව නේද?

අපොන්සු කියන්නේ ලේසියෙන් වට්ටන්න පුළුවන් නළුවෙක් නෙමෙයි. මම කරපු පාතාලයේ සොල්දාදුවෝ වේදිකා නාට්‍ය සම්මාන දොලහක් ගත්තා. එකට හේතු වුණේ මගේ දෙවැනි බිරිඳ. එත් කාලයත් එක්කම ඇයත් මාව අතහැරලා යනවා.

මොකක්ද වරද?

ඒ ගැන මම තාම හොයනවා.

පස්සේ ඔබට වඩා වසර ගණනක් බාල තරුණියක් එක්ක විවාහ වුණා නේද?

එකත් අසාර්ථකයි. ඇය හරිම කුරිරු විදිහට මාව දාල වෙනතක යනවා. විශ්වාසය, දිරිගැන්වීම නැති තැන කොයි මිනිහත් අසාර්ථකයි. විවාහය කියන භුමිකාවේ මම තුන්පරක්ම පැරදුණා.

දැන් අර හදනවා කියපු වේදිකා නාට්‍යට මොකද වුණේ?

රජු නාට්‍යත් එක්ක මම ආපහු නැගිටිනවා. සමහරවිට මගේ පෞද්ගලිකත්වය ගැන කතා කරපු අන්තිම නාට්‍යත් එක වෙයි. ජිවිතේ අන්තිම බලාපොරොත්තුව තව වේදිකා නාට්‍යයක් හදන එක.

ආපහු විවාහ වෙනවද?

ඒ ගැන අනාගත වාක්‍ය මා ළඟ නෑ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com