master
New Page 1

අපහු සුරිය වැවට ක්‍රිකට්


2017-06-17 13:53:32 -  297 යි

වසර දෙකකට පමණ පසුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක්දින තරගයක් පැවැත්වීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ එක්දින තරග තුනක් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.

තරගාවලිය එළැඹෙන 30 දා පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන එක්දින තරගයෙන් ආරම්භවන අතර ජුලි 14දා ආර් ප්‍රේමදාස පිටියේදි ආරම්භවීමට නියමිත එකම ටෙස්ට් තරගයෙන් අවසන්විමට නියමිතය.

හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2015 වසරේදී ජුලි මස 26 දා පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com