master
New Page 1

මේ අවුරුද්දේ වැඩ අවසන් වන නෙලුම් කුලුන


2017-06-16 10:57:34 -  341 යි

ගුවන් විදුලි මධ්‍යස්ථාන 50ක් සහ ඩිජිටල් වීඩියෝ ප්‍රකාශන නාලිකා 50ක් සඳහා සංඥා සම්ප්‍රේෂණ පහසුකම් සලසන නෙළුම් කුලුණු මේ වසර නිමවීමට පෙර විවෘත කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව පවසනවා.

ඒ ආශ්‍රිතව සුපිරි අවන්හල් ඉදිකෙරෙන අතර එමගින් විනෝදාස්වාද පහසුකම්ද ලබා දෙනු ඇති.

ඩොලර් මිලියන 105ක ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත මෙම නෙළුම් කුලුණ මධ්‍යස්ථානය ආසියාවේ වාණිජ නගරය ලෙස ඉදිකරන කොළඹ මූල්‍ය නගරය පිළිගැනෙන ජාත්‍යන්තර සංකේතයක් වනු ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලාංකීය ජනතාවට ලෝක මට්ටමේ පිළිගැනෙන සංඥා සංදේශන පහසුකම් මෙමගින් ලබාදීමට නියමිතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com