master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

නානුඔය පොලිසියේ නිළධාරින් රැසකට මාරුවීම්(Video)


2017-06-16 09:58:57 -  602 යි

නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරික‍ෂක එස්. ප්‍රියන්ත අමරසේකර මහතා ඇතුලූ රථ වාහන අංශයේ නිළධාරින් රැසක් තාවකාලිකව නුවරඑළිය මුලස්ථාන පොලිසිය වෙත අනුයුක්ත කළ බව නුවරඑළිය පොලිස් අධිකාරි මහින්ද දසනායක මහතා පැවසුවා. මධ්‍යම පළාත නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම තාවකාලික මාරුවිම ලබාදුන් බවයි එම නිළධාරියා පැවසුවේ. නුවරඑළියේ සිට හැටන් දක්වා ධාවනය වු ටිපර් රථයක් නානුඔය නගරයේදි පාසල් දැරියක් ගැටි ජිවිතක‍ෂයට පත්විමෙන් ඇති වු කළහාකාරි තත්ත්වයෙන් අනතුරුවයි මෙම මාරුවිම සිදුකර ඇත්තේ.

මෙම අනතුරෙන් මියගියේ නානුඔය රදැල්ල ප්‍රදේශයේ පදිංචි දෙවිමිණී ආකාර්ෂා (06) හැවරදිි දැරියකිි. මෙම අනතුරෙන් පසුව ප්‍රදේශවාසින් රියදුරාට පහර දි ටිපර් රථයට ගිණී තබා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට අද (15.06) පස්වරු 2.00 දක්වා බාධා පමුණුවා තිබුණා. පසුව මෙම නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරිමට පොලිස් කණ්ඩායමි කිහිපයක් හා පොලිස් විශේෂ කාර්ය ය බලකායේ නිළධාරින් රැසක් රාජකාරියේ යොදවා තිබුණා. කළහාකාරිව හැසුරුණු නානුඔය ප්‍රදේශයේ වතුකමිකරුවන් පිරිසක් මුලින් මෙම අනතුර සිදුකළ පොලිස් භාරයේ සිටි සැකකරුව ඉල්ලා සිටි අතර පසුව පොලිසිය එම සැකකරු ලබා දිම ප්‍රතික‍ෂ්ප කිරිමෙන් පසු නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරා ඇතුලූ රථ වාහන අංශයේ නිළධාරින් මාරුකරන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙන්නේ නමි අනතුරෙන් ජිවිතක‍ෂයට පත් දැරියගේ සිරුර සහ රථ වාහන ගමනා ගමනයට මාර්ගය විවෘත කරන බවයි.

පසුව නුවරඑළිය ප්‍රදේශයේ උසස් නිළධාරියෙකු නානුඔය පොලිස් ස්ථානාධිපතිවරයා මාරුකර යවන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දිමෙන් පසු මියගිය දැරියගේ සිරුර පශ්චාත් මරණ පරික‍ෂණය සදහා නුවරඑළිය මුලික රෝහල වෙත යැවිමටත් රථ වාහන ගමනා ගමනය යථා තත්ත්වයට පත් කිරිමටත් අවස්ථාව ලබා දි තිබුණා. සැකපිට අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු නුවරඑළිය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ඉන්දික රුවන්ද සිල්වා මහතා වෙත ඉදිරිපති කිරිමෙන් අනතුරුව එම සැකකරු මේ මස (28.06) වන දින දක්වා රක‍ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළා. මෙසේ රක‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බලංගොඩ වෙලේකුඔුරේ පදිංචි කේ.එමි උත්සුක (26) යන අයයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com