master
New Page 1

ගෝඨා බරපතළ වංචා දූෂණ කොමිසමට


2017-06-16 08:06:25 -  253 යි

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල අවට අබලි යකඩ කපා ඉවත් කිරීමේදී සිදුවුණා යැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බරපතළ වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට ඊයේ (15 දා) කැඳවා තිබිණි.

කොමිසම හමුවට ඒ මහතා පස්වරු 2.45 ට පමණ පැමිණ ඇති අතර පස්වරු 3.30 පමණ වන තෙක් ඔහුගෙන් කොමිසමේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව ටෙන්ඩර් කැඳවීමක් මඟින් එම අබලි යකඩ ඉවත් කිරීම සිදුකළ බවට යුද හමුදාව පවසන ස්ථාවරය සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව ගැන පැහැදිලි කර ගැනීමට ඒ මහතා කැඳවා තිබූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com