master
New Page 1

අද කුණු මෙහෙයුමක්


2017-06-15T12:16 -  135 යි

කසල වර්ගීකරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

පළාත් පාලන ආයතන විසින් තෝරාගනු ලබන ස්ථානවලට කසල බැහැර කිරීමේදී එම කටයුතුවලට බාධා කරන පිරිස්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වෙත නියෝග කළේ.

කසල කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව, පුත්තලම - අරුවක්කාරු කසල බැහැර කිරීමේ අංගනය ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 2, 000ක මුදලක් ලබා දෙන බවයි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ.

මාර්ග දෙපස අවිධිමත් ලෙස කසල බැහැර කිරීම පිළිබඳ දෛනික වාර්තාවක් ලබා දෙන ලෙසද එහිදී බලධාරීන්ට නියෝග කෙරුණා.

මේ අතර, මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රය ආශ්‍රිත ඓතිහාසික දේවාලයන්හි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

පරිසරය අපවිත්‍ර කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ නගර බල සීමාව තුල අද රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා පවසනවා.

කොළඹ මහා නගර සභාව, යුද හමුදාව සහ පොලිසිය සමඟ ඒකාබද්ධ වී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි හෙතෙම කියා සිටියේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com