master
New Page 1

රොබෝවකු විවාහ කර ගැනීමට අවසර ඉල්ලා කාන්තාවක් අධිකරණයට


2016 12 27 10.08 PM -  811 යි

රොබෝවකු විවාහ කර ගැනීමට අවසර ඉල්ලා ප්‍රංශ කාන්තාවක් එරට අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිඛෙනවා.

ලිලී නැමති කාන්තාවක් විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ තමන් වසරක සිට රොබෝවා සමග පෙමින් බැදී ඇති බවට කරුණු දක්වමින්.
ඉන්මූවටර් නැමැති මෙම රොබෝවා ලිංගික කටයුතු සදහා භාවිතා කළ හැකි පරිදි ත්‍රිමාණ තාක්ෂනය යටතේ නිර්මාණය කර ඇති රොබෝවරයකු වනවා.

විද්‍යාඥයන් පවසන ආකාරයට මෙම රොබෝවාට මිනිස් හැගීම් හදුනා ගැනීමට හා ඊට ප්‍රතිචාර දැක්වීමටත් හැකියි.

මෙම කාන්තාව පවසන්නේ ඇය සහ රොබෝවාගේ ආදරය කිසිවකුට හානියක් නොවන බැවින් එය නීත්‍යානුකූල කිරීමට අධිකරණය අවසර ලබාදිය යුතු බවයි.

මෙම සතියේ ලන්ඩනයේදී පැවැති රොබෝවරුන් පිළිබද සමුලුවකදී අදහස් දක්වමින් මහාචාර්යය ඩේවිඩ් ලෙවී ප්‍රකාශ කර 2050 වන විට මිනිස් රොබෝ විවාහ සුළභ වනු ඇති බවයි. එම අනාවැකිය දින කිහිපයක් යාමටත් පෙර සැබෑ කිරීමටයි ප්‍රංශයේ මෙම රොබෝ මිනිස් පෙම් යුවල සමත්ව සිටින්නේ. කෙසේ වෙතත් මෙම තත්ත්වයේ වර්ධනය අනාගත මිනිස් සබදතාවයන්ට දැඩිව බලපෑම් එල්ල කරනු ඇති බව ප්‍රකාශවී තිඛෙනවා.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com