master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ආව ගමන් කරන්න අමාරුයි එකයි නොකවුට් උනේ ධනංජය කියයි


2017-06-14T10:17 -  604 යි

කුසල් පෙරේරාගේ ආබාධයෙන් කණ්‌ඩායමට කැඳවූ ධනංජයද සිල්වා පකිස්‌තානය සමග තරගයේදී පන්දු හයකට මුහුණදී එක්‌ ලකුණකට පිටියෙන් ඉවත්විය. නමුත් එංගලන්තයේදී එක්‌දිනක්‌ පුහුණුවීම් කර තරග කිරීම ලොකු අභියෝගයක්‌ බවද ඔහු පවසයි.

ගොඩක්‌ අමාරුයි එංගලන්තයට ඇවිල්ලා එකපාරටම සෙට්‌ වෙන්න. මොකද ලංකාවේ රස්‌න කාලගුණයක පුහුණුවීම් කරලා මෙහෙ සීතලට හුරුවෙන්න ටිකක්‌ අමාරුයි. නමුත් මම මේ තරගයට පෙර එක දවසයි පුහුණුවීම් කළේ.

අද පන්දු රැකීම තමයි තරගය පරදින්න ලොකුම හේතුව වුණේ. ඒක හදාගෙන ඉස්‌සරහට යන්න වේවි යෑයි පැවසූ ධනංජයද සිල්වාගෙන් ලෝකයේ දුර්වලම පන්දු රකින කණ්‌ඩායම ශ්‍රී ලංකාවද යනුවෙන් විමසන ලදුව, මේ තරගයත් එක්‌ක බලනකොට සමහර විට එහෙම වෙන්න පුළුවන්. මොකද චාන්ස්‌ පහක්‌ විතර අපේ අතින් ගිලිහී ගියා. යනුවෙන් සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් එක්‌දින තරගවලදී පසුගිය කාලයේදී අසාර්ථක වුවද ඉදිරියේදී අවස්‌ථාවක්‌ ලැබුණොත් උපරිමය කිරීමට තමා උත්සාහ කරන බවත් ආරම්භක පිතිකරුවකු ලෙස කණ්‌ඩායමට පැමිණ අංක හත ස්‌ථානයේ පහරදීමද එක්‌තරා අභියෝගයක්‌ වූ බවත් ධනංජය ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com