master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

අපි ගැන කියන්න බැහැ ඔවුන් කියනවා ඔවුන් දුර්වලයි කියල.හෆිස් කියයි


2017-06-12T13:40 -  836 යි

ශ්‍රී ලංකාව දුර්වලයා යන හැඳුනුම් සංකේතයෙන් ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වනවා මෙන්ම පාකිස්තානය අනාවැකි කිය නොහැකි යන ලේබලයට කැමැති බව තුන් ඉරියව් ක්‍රීඩක මොහමඩ් හෆීස් පවසයි.

පාකිස්තානයට මේ ලේබලය මුලින්ම ලැබුනේ 1992 වසරේ ලෝක කුසලානය දිනා ගත් අවස්ථාවේදීයි. එතැන් පටන් අද දක්වා පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසය දෙස බලන විට අප සැම විටම ක්‍රීඩා කර තිබෙන්නේ අනාවැකි කිය නොහැකි ආකාරයෙනුයි. අපට දක්ෂතාව තියෙනවා. නමුත් එය මතුවන්නේ කොතැනදීද කියලා කියන්න කෙනෙකු දන්නේ නැහැ.

ප්‍රතිවාදීන් සැමවිටම අපි ගැන හිතන්නේ එහෙමයි. ඔවුන් කවදාවත් අපිව සැහැල්ලුවට ගන්නේ නැහැ. අනෙක් අතට, ඔවුන්ව පරාජය කරන්න අපට පුළුවන් බවට ප්‍රතිවාදීන් හිතන්නෙත් නැහැ යැයි හෆීස් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

කණ්ඩායමක් ලෙසින් අපි ලෑස්තියි කියා මම විශ්වාස කරනවා. තරගයට සූදානම් වීම හා තරගයේ ක්‍රීඩා කිරීමේදී අප විසින් කළ යුතු දේවල් ගැන අපට පළිඟු කැටයක් වගේ පැහැදිළියි. අප ඉදිරියේ තිබෙන තත්ත්වය ඉතාම පැහැදිළියි. අපි තරගය ජය ගත යුතුයි. අපි සියළු දෙනාටම අවශ්‍ය වී තිබෙන්නේ අවසන් පූර්ව වටයට යන්නයි.

පළමු තරගයේදී හැම දෙයක්ම වැරදුනා (ඉන්දියාව වෙතින් පරාජය). දෙවැනි තරගයේදී හැම දෙයක්ම වාගේ හරි ගියා (ඩක්වර්ත්/ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාව පරාජය කිරීම). මොන වගේ වෙනස්කම්ද ඔබ කළේ. එහෙමත් නැත්නම් එය වාසනාවද?

අනාවැකි කිය නොහැකි කණ්ඩායමක් යන ලේබලයට මම කැමතියි කියලා කිවුවේ මේ නිසයි. කණ්ඩායමක් වශයෙන් අපි සැමවිටම ආක්‍රමණශීලීයි. එච්චර හොඳ නැති සමහර දවස් අපට තිබුනා.

පළමු තරගය ඒ වගේ දවසක් කියලා මම හිතනවා. අපි අපේ උපරිමයෙන් ක්‍රීඩා කළත් අපේ පැත්තට වැඩ සිද්ධ වුනේ නැහැ. අනෙක් තරගයේදී වුනේ හාත්පසින්ම වෙනස් කණ්ඩායම් උත්සාහයක්. මම විශ්වාස කරන්නේ අන්න ඒ දෙයයි. කණ්ඩායමක් ලෙසින් අපි සැමවිටම ඉන්නේ අපි ගැන අනාවැකිය පළ කල නොහැකි මට්ටමකයි. මම ඒකට ආසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com