master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

අක්ක නගෝ දෙදෙනාම එකම ඇදේ තබා පතිවතේ සුවය උරා 10 හැවිරිදි නංගීටත් වැඩේ දෙන්න ගිහින්


2017-06-12T11:15 -  2389 යි

සමන් කල් ගෙවුයේ කොළඹට නුදුරු පේළි නිවෙසකය. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් ඔහුට ස්ථිර රැකියාවක්ද නොමැත. මේ නිසා එදිනෙදා හසුවන කුලී වැඩක් කර ගත් ඔහුට ඇබ්බැහි වූ පුරුද්දක් වුවේය. ඒ තොරතෝංචියක් නොමැතිව අන්තර්ජාලයේ සැරිසරන නිල් චිත්‍රපට ජවනිකා සෙවීමයි.

විවාහයෙන් දරුවෙකු ලැබුවද තමන්ගේ නොනිමි ආසාවන් සංසිඳුවාලීමට තරම් බිරිය පොහොසත් නොවුවාය. මේ නිසා කසාදය පැත්තකින් තබා සමන් ස්මාර්ට් දුරකතනයෙ ගිලුණේය.

දවසින් දවස අලුත් රස සොයා ගිය සමන් දිනකට නිල් චිත්‍රපට කොටස් දහ පහළොවක් තම දත්ත ගබඩාවේ ගබඩා කර ගත්තේය. ඒවා නිතර බලමින් සතුටු වුයේය. මේ සතුට නොසන්සිදෙන තැනකදී සමන් ඒ සතුට සොයා යන්නට පුරුදු වුයේ මුහුණු පොතේ සැරිසරමින්.

දිනෙක අපුරු සිදුවීමක් විය. ඔහු නොදන්නා තරුණියකට වචන කිහිපයක් යොමු කළේය. ඇයත් ප්‍රතිචාර දක්වන්නට වුවාය.

ඔයාට මාව මතක නැහැ නේද ? සමන් අසයි.

මට මතක නෑ ඔයා කවුද ? ඇය ඇසුවාය. ඔයාට පරණ හැමදේම අමතකද? සමන් ඇසුවේය.

පරණ දේවල් මතකයි. ඒත් ඔයා කවුද ? ඇය අසන්නිය. මම තමයි ඔයාගේ ආදරේඔයාට ඒ ඉක්මණට මාව අමතක වුනාද? සමන් ඇසුවේය.

සමන් තමන්ගේ පැරණි පෙම්වතා යැයි ඇය විශ්වාස කරන්නට වුයේ එතැන් පටන්ය. තමන්ට වයස අවුරුදු 18දි උපන් දින තිළිණයක් ලෙස ලැබුණු ස්මාර්ට් ජංගම දුරකතනයෙන් තමන්ගේ පැරණි  පෙම්වතා යළි හමුවුයේ යැයි ඇය සැනසුම් සුසුම් හෙළුවාය.

මට ඔයාගේ හැමදේම බලන්න ආසයි. ෆොටෝ එකක් එවන්න පුළුවන්ද? සමන් දිනක් පෙරැත්ත කළේය. බෑ..බෑඅම්මෝමට පොටෝ ගන්න බෑ.. ඇය කීවාය. ඒ කියන්නේ මට ආපහු ආදරේ නෑ කියන එකද? සමන් ඇසුවේය. නෑ නෑඑහෙම නෙවෙයි. මම එවන්නම් එකක්. යැයි කී ඇය එය කිසිවෙකුටත් නොපෙන්වන ලෙස ගිවිස ගත්තාය.

ඔයාගේ පින්තුරේ මගේ ළඟ. දැන් ඉතින් වහාම මම කියන දේ කරන්න වෙනවා. සමන් ඇයට දිනක් කෙටි අනතුරු ඇඟවීමක් කළේය. ඒ අවසරයෙන් සමන් ඇයව හමුවීමටද දිනක් වෙන් කර ගත්තේය. සමන් එසේ හමුවීමට දිනක් වෙන්කර ගත්තද ඔහුට ඇයව හෝටල් කාමරයකට හෝ රැගෙන යාමට මුදල් තිබුණේ නැත. ඒ බරපැනයද අයගෙන්ම වෙන් කර ගත් සමන් හෝටල් කාමරයකට ගොස් ඇයව කෙළසන අයුරුද තම ජංගම දුරකතනයෙන් පටිගත කළේය.

එසේ ආ ගමන්වලදී ඇයගේ කනකර පවා ගලවා ගත්තේය. හැමදේටම පොදු වුයේ ඇය ආදරයට එවූ ඇයගේම නිරුවත් ඡායාරූපයයි.

මේ වන විට සමන් ඇයගේ නිවෙසේ තිබු බඩුමුට්ටු පවා ඇය ලවාම අතුරුදන් කරවමින් මුදල් හම්බ කළේය. මෙම කරදරයෙන් බේරීමට තැනක් නැති තැන ඇය මේ කරදරය ඇයගේ නැඟණියට කීවාය. ඇය වයස අවුරුදු 14ක බලවයස්කාරියකි. අක්කා මෙම උගුලෙන් බේරා ගත යුතු යැයි සිතු නංගි සමන් සමඟ දුරකතන සබඳතාවක් ඇරඹුවාය.

අක්කගේ පින්තූර අයින් කරන්න නම් එතැන අක්කගේ වගේම නිරුවත් පින්තුරයක් දාන්න වෙනවා. ඒ නිසා ඔයා ඔයාගේ නිරුවත් පින්තූරයක් මට එවන්න.යැයි සමන් ඇයගේ නංගිට පැවසුවේය.

සමන් කියන මේ කතාව සත්‍යය යැයි සිතූ නැගණිය තම නිරුවත් ඡායාරූපයක් සමන්ට යොමු කළාය.

අක්කට කළ දේම සමන් නංගිටත් කළේය. පින්තූරය තමන් ළඟ ඇති බව කියමින් බ්ලැක් මේල් කොට ඇයද මේ නාටකයට හවුල් කර ගත්තේය. එතැනින් නොනැවතී ඇයගේ දහ හැවිරිදි නැගණියවත් මේ ජාවාරමට කොටු කර ගැනීමට සමන් මාන බැලුවේය. නිවසේ සිදුවන දෑ සිතාගත නොහැකි වූ දියණියන් දෙදෙනාගේ අමුතු හැසිරීමත් නිවසේ අතුරුදන් වන බඩු මුට්ටු, මිල මුදල් ගැනත් සිතූ මවුපියෝ පේන බලමින් කල් ගෙවුහ. සමන් දසහැවරදී බාලවයස්කාරියද බිල්ලට ගැනීමට දින ගනිමින් සිටියේය. දැරියගේ පියා කුඩාම දැරිය මාර්ගයෙන් මෙම කතාව පිළිබඳව ඉඟියක් ලබා ගත්තේය.

කුඩා දරුවන්ද කෙලෙසන තිරිසනකු ගැන කන වැකුණු සැටියේ ඉන් අවධි වූ සයිබර් අපරාධ අංශයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී දර්ශනී කුමාරි සහ එහි ස්ථානාධිපති චන්දිමා මහත්මීහු මෙම අපරාධකරු සොයා වහා පරීක්ෂණ ඇරඹිය.

මම මේ දේවල් කළේ තරුණියන් දුෂණය කරන්නම හිතාගෙන නෙවෙයි. මුදල් සොයන්න බලාගෙන. මේ අය හමුවෙලා ඒ අයගේ කරාබු කුට්ටම් පවා මම ගලවා ගත්තා. මේ ෆෝන් එකේ අන්තර්ජාලයෙන් ගත්ත නිරුවත් දර්ශන 8000කට වැඩිය තියෙනවා. ඒවා බලන්න මම තදින් ඇබ්බැහිවෙලා හිටියා යැයි සමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය.

රමේෂ් වරල්ලෙගම

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com