master
New Page 1

අකුරැස්සේ පොඩි තව් කාරයා - සාරුවා සුනිල් යහ පාලන ඔඩොක්කුවේ..!


2016 12 27 02.00 PM -  1343 යි

අකුරැස්ස ප්‍රදේශයේ පෙරේදා (25) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය සංවිධානයේ කටයුතු වෙනුවෙන් ක්‍රියාකාරී ලෙස අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ස්ත්‍රී දූෂකයෙක් වු සාරුවා ලියනගේ සුනිල් සම්බන්ධවී සිටි බව වාර්තා වේ. කෙසේවුවද, යහ පාලනය බලයට පැමිණියේ සාරුවා සුනිල් ස්ත්‍රී දූෂකයෙක් ලෙස දරුණු විවේචන එල්ලකරමිනි.

ශ්‍රීලනිපය තුල පවතින කදවුරු දෙකේ බලඅරගලය හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේනට මේවනවිට තමපිල ශක්තිමත් කරගැනීම සදහා රාජපක්ෂ පාලනයේ දුෂිතයින් සියල්ල ලන්කර ගනිමින් සිටී. එමනිසා නිමල් ලංසා , නිශාන්ත මුතුහෙට්ටිගම , එරාජ් ප්‍රනාන්දු වැනි මහින්දගේ සෙවනේ වැඩුණු දුෂිතයින් තම තුරුලට ගෙන ඔවුන් සතුටු කිරීම හැර වෙන විකල්පයක් මෛත්‍රීට නොමැතිබව මේ අනුව පෙනීයයි.

වසර 2012 මැයි 23ත් මැයි 30ත් අතර කාලසීමාවේදී අකුරැස්ස නගරයේ ලැගුම්හලකදී 14 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට සාරුව ලියනගේට චෝදනා ඒල්ලවූ අතර 2012 ජූලි 04 වැනිදා පොලිස් අත්අඩංගුවට පත්වූ ඔහු මාස 2කකුත් දින 10ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇපමත මුදාහැරිනි.

ඔහු පසුගියවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට අපේක්ෂකත්වය ඉල්ලා සිටි අතර එම අවස්ථාවේදීද ශ්‍රීලනිප ප්‍රධානීන් විසින් එය ප්‍රතික්ෂේප කළේ මොහු කාන්තාවන් 100ක් දුෂණය කර එය සැමරීම සදහා සාදයක් පවා පැවැත්වු පුද්ගලයෙක් බව සදහන් කරමින්ය.

පෙරේදා (25) ශ්‍රීලනිපයේ මධ්‍ය සංවිධානයේ කටයුතු සංවිධානය කිරීමට ප්‍රධාන වී ඇත්තේ මනෝජ් සිරිසේන මහතා වන අතර එහි විශේෂිත ආරාධිතයන් ලෙස අමාත්‍ය ලක්ෂමන් යාපා හා ඩිලාන් පෙරේරා සහභාගිවී ඇත.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com