master
New Page 1

කලමැටිය වෙරළේදී විදෙස් කතකට ලංකාවෙ කොල්ලෙක් ගේම ගහලා...


2016 12 27 01.13 PM -  4971 යි

හැට එක් හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක හුංගම, කලමැටිය මුහුදු වෙරළේදී බරපතළ ලිංගික අතවරයකට ලක් කළ 26 හැවිරිදි තරුණයකු හුංගම පොලිසිය මඟින් පෙරේදා (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ විදේශ ජාතික කාන්තාව මුහුදු වෙරළේ (24) පෙරවරු 8.30ට පමණ ඇවිදිමින් සිටියදී වෙරළේ පැත්තකට ඇදගෙන ගිහින්.

 ඉන් අනතුරුව සැකකාර තරුණයා මෙම අතවරය සිදුකර තිබූ බවට හුංගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

විදේශික කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

තෙදින නිවාඩුවක් සඳහා එම කාන්තාව  (24) මෙරටට පැමිණ තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com