master
New Page 1

ලංකාව තුල වක්‍රාකාරයෙන් ඊලම ශක්තිමත් වෙමින් තිබෙන බව වයිකො කියයි.


2016 12 27 10.55 AM -  700 යි

ඊළාම් යුද්ධය තවමත් අවසන්වි නෑ. එය වෙනත් ආකාරයකින් ශක්තිමත් වෙමින් තිබෙන බව ගෝවේ හී පැවැත්වූ සමුළුවකදී වෛකෝ ප්‍රකාශ කර ඇත.

ගෝවෙයි සිංගානල්ලූර් ප්‍රදේශයේදි තන්දෙයි පෙරියාර් ද්‍රාවිඩර් කලගම් පක්‍ෂය වෙනුවෙන් ද්‍රාවිඩර් සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් සමුළුවක් පවත්වා ඇත.

එම වැඩ සටහනට එම්ඩීඑම්කේ පක්‍ෂයේ ලේකම් වයිකෝ සහභාගී වී ද්‍රාවිඩර් 100 යන ‍තේමාවෙන් රචිත ග්‍රන්ථ 100ක් එළිදක්වමින් කතාකල අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.

ඩිඑම්කේ, ඒඩීඑම්කේ යනාදි පක්‍ෂ දෙක කඩාහැලීමේ තත්වයකට මුහුණ දෙමින් සිටියි. මෙවැනි පසුබිමකදී, ද්‍රාවිඩර් සංවිධාන විනාශ වී ඇති බවට ඇතැම් පුද්ගලයින් දහවල් සිහින දකිමින් සිටියි. නමුත්, ද්‍රාවිඩර් පක්‍ෂයට විනාශයක් නොමැත.

බොහෝ මතභේද තිබුනත්, ශ්‍රී ලංකාවේ නිදහස් දෙමළ ඊළමක් පිහිටුවිය යුතු බවට මන්ත්‍රණ සභාවේදී, හිටපු මහා ඇමතිනි ජයලලිතා යෝජනාවක් සම්මත කරගන්නා ලදි. ඊළාම් යුද්ධය තවමත් අවසන් කර නොමැත. එය වෙනත් ආකාරයකින් ශක්තිමත් වෙමින් තිබේ. එය සන්නද්ධ සටනක් ලෙස සකස් නොවනු ඇත. තමන්ගේ පැත්තෙන් ඇති සාධාරණය විදේශීය රටවලට සනිටුහන් කරන ආකාරයෙන් එම සටන සකස්වනු ඇත. ද්‍රාවිඩර් සංවිධාන ඒකාබද්ධ කර, ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් පිහිටුවීමට කැපවිමෙන් කටයුතු කල යුතුය. එහි ඊළමක් පිහිටු‍වීමෙන් පසු මාගේ දෑස් පියවෙනු ඇත යනුවෙන් වයිකෝ ප්‍රකාශ කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com