master
New Page 1

රවිරාජ් තමන් විසින් තමන්ටම ‍වෙඩි තබා‍ගෙන ආරාක්‍ෂකයාටත් ‍වෙඩි තිබ්බාද?


2016 12 26 11.05 AM -  5210 යි

නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේදී ලබාදුන් තීන්දුව ‍දෙස බැලී‍මේදී, රවිරාජ් තමන් විසින්ම ‍වෙඩි තබා‍ගෙන තම ආරාක්‍ෂකයාටත් වෙඩි තැබුවාද යන සැකය ඇති‍වේ යනු‍වෙන් ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ‍මෙන්ම ‍දෙමළ ප්‍රගතිශිලි සන්ධාන‍යේ නායක ම‍නෝ ගනේෂන් ප්‍රකාශ කර ඇත.

මාගේ මිත්‍ර නඩරාජ් ඝාතන නඩු‍වේදී ලබාදුන් තීන්දුව හේතු‍වෙන්, මෙරටේ ජිවත්වන ‍දෙමළ ජනතාවත්, අ‍නෙකුත් ප්‍රගතිශීලි පුද්ගලයින් දැඩි මුලාවකට ලක්වී ඇත. 2006.11.10 වන දින උදෑසන කාලයේ සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් නඩු වීභාගයක් පසුගිය කාල‍යේ පැවැත්විය, ඒ සම්බන්ධයෙන් තබා තිබූ බලා‍පො‍රොත්තුව මේ වනවිට සුණු විසුණුවී ඇත.

‍මෙම නඩුව සම්බන්ධ‍යෙන් අගතියට පත් පාර්ශවය ‍වෙනු‍වෙන් ඉදිරිපත් වූ ‍දෙමළ ජාතික සන්ධාන‍යේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම්.ඒ.සුමන්දිරන් අභියානාවක් ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කර තිබීම සම්බන්ධ‍යෙන් ප්‍රසංශා කරන්නෙමි. ඒ අතරම, ‍මෙම නඩු විභාග‍‍යේදී පොලිසි‍යේ සහ නීතිපති ‍දෙපාර්ත‍මේන්තු‍වල කටයුතු සම්බන්ධ‍යෙන් තෘප්තිමත් විය ‍නොහැකි තත්වයක් උද්ගතවී ඇත. ‍මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමගත් ‍දෙමළ ජාතික සන්ධානය සමඟත් සකාච්ඡා කිරීමට නියමිතය.

මේ ර‍ටේ අධිකරණ ‍ක්‍ෂේත්‍රය පිළිබඳව ‍ලෝකයට සහ ‍දෙමළ ජනතාවට විශ්වාසය තැබිය හැකිද යන ප්‍රශ්ණය ‍මේ වනවිට නැවතත් පැනනැගී තිබීම සාධාරණ බව සිතන්නෙමි. ‍මෙම තීන්දුව සම්බන්ධයෙන් අනිවාර්ය‍යෙන්ම 2017 මාර්තු මස පැවැත්විමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළු‍වේදී වි‍රෝධය දැක්විම වැළැක්විය නොහැකිය යනු‍වෙන් මනෝග‍‍නේෂන් ප්‍රකාශ කර ඇත.

  ඔබේ අදහස්
Nme - Perumal
Message -එහෙම තමයි වෙලා තියෙන්නෙ. ඇයි වංගෙඩියයි මෝල්ගහයි මිනී මරපු රටක්නෙ මේක.
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com