master
New Page 1

මව රටගියපසු දුව අබුකමට ගත් පියා වසර ගනනාවක් මිතුරකුද ගෙන්වාගෙන දුව සමග අබුසැමි ඇසුරේ යෙදිලා


2017-06-05T10:30 -  2188 යි

මේ ගෙවෙන්නේ අබුද්දස්ස කාලයක්. අහන්න දකින්න වෙන්නේ මිනිසුන් මෙතෙක් අහපු දැකපු දේවල් නෙවෙයි.

ගල්ගමුව පොලිසියට අම්මා කෙනෙක් පසුගිය 30 වැනිදා තම කුඩා දියණිය සමඟ ඇවිත් තියෙන්නේ ඇඟ හිරිවැටෙන කතාවක් අරගෙන. ඒ ඇගේ දියණිය ඇගේ සැමියා විසින් දූෂණය කරන ලද තමා දැනගත් බව පවසමින්.

මෙම කාන්තාව වසර ගණනාවක් විදෙස් ගතවී සිට ලංකාවට පැමිණ තිබෙනවා. නිවසේ තමාගේ දියණිය සහ සැමියා දමා ඇය විදෙස්ගත වෙන්නේ පවුලේ ඇති ආර්ථික දුෂ්කරතා නිසාවෙන් බවයි ඇය පවසන්නේ.

ඇය පසුව ලංකාවට පැමිණ ඇති අතර ඇයට මේ පිළිබඳව ඉවක් හෝ දනී නැහැ. පසුව මෙම දැරිය ( දැනට අවුරුදු 11 ක් වයසැති ) ඇයට තේරුම් යනවිට තමන්ගේ පාසලේ ගුරුවරුන්ට තමන්ගේ පියා තමාට අතවර කරන බව පවසා සිටි අතර එම ගුරුවරුන් ගමේ ග්‍රාම නිලධාරීතුමාහට දැනුම් දී එම කාන්තාවට ඒ පිළිබඳව දැනුම් දුන් බව දැනගන්නට ලැබෙනවා.
මේ පිළිබඳ වැඩිදුර කරුණු සොයා බැලීමේදී මෙම දැරිය සියල්ල පවසලා.

ඇයගේ පියා ඇයට අතවර කිරීම අරඹන්නේ ඇයට යන්තම් අවුරුදු 7ක් පිරුණු දින සිට බවත් , එදා සිට මේ දක්වා විටින් විට මත්පැන් පානය කර මිතුරෙකු ද සමඟින් පැමිණ ඇයට අතවර කරන ලද බවත් ඇය කියා තිබෙනවා.

ඇයගේ මව ලංකාවට පැමිණි පසුත් මෙවැනි අතවර සිදු වී ඇති අතර මව නොමැති අවස්ථාවල පියා එලෙස තම සමීපයට පැමිණෙන බව පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

මෙම දැරියගේ පියා කොළඹ ප්‍රදේශයේ සේවයේ නියුතු බව සඳහන් වෙනවා. තවමත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් ලැබී නැහැ.

නමුත් අනෙත් සැකකරු කදුරුවැව ප්‍රදේශයේ පිහිටි පැට්ටා නමැති 34 හැවිදිරි පුද්ගලයෙක් බවයි දැනගන්නට ලැබෙන්නේ. ඔහු මේ වනවිට ජුනි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි දැනගනන්ට ලැබෙන්නේ. එමෙන්ම පියා සොයාගෙන හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්න බව පොලිසිය පවසනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com