master
New Page 1

හිටපු LTTE ත්‍රස්ථයෙක් මහ පාරේ මැරී වැටෙයි.


2016 12 26 09.47 AM -  2578 යි

වව්නියාව - ‍නෙඩුන්‍කේනි ප්‍ර‍දේශ‍යේ පදිංචි හිටපු ත්‍රස්ථයෙකු 2016.12.24 වන දින මිය‍ගොස් ඇති බව දැනගැනීමට ලැබී ඇත. ‍නෙඩුන්‍‍කේනි කුලවිසුට්ටාන් ප්‍රදේශ‍යේ ජීවත්වූ හිටපු ත්‍රස්ථයෙකු වන ආසිර්වාදම් ස්ටීපන් (අවු:36) මෙ‍සේ ‍‍මිය‍ගොස් ඇත.

‍දෙදරු පියෙකු වන ආසිර්වාදම් ස්ටීපන්, යාපන‍යේ පිහිටි තම ඥාතියෙකුගේ නිවසට යාම සඳහා 2016.12.24 වන දින සවස් කාල‍යේ පුලියංකුලම් බස්නැවතුම්ප‍‍ලේ රැඳී සිට ඇත. එහිදී, ආසිර්වාදම් ස්ටීපන් එකවරම සිහිසුන්ව ඇදවැටී ඇත. පසුව කඩිනමින් ඔහුව පුලියංකුලම් ප්‍රාදේශීය ‍රෝහලට ඇතුලත් කර ඇත. ඉන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහ ‍රෝහලට ගෙන යන අතරතුරදී, ඔහු මිය‍ගොස් ඇති බවත්, ‍මේ වනවිට ඔහු‍ගේ දේහය වව්නියාව මහ රෝහ‍ලේ තැන්පත්කර ඇති බවත් ‍රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාල සිදුවීම සම්බන්ධ‍යෙන් වැඩිදුර පරීක්‍ෂණ ‍පොලිසිය විසින් සිදුකරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com