master
New Page 1

ලා බාල තෙරපිවරියන් 15ක් අනුරාධපුර හෝටල් වටලා අල්ලපු හැටි


2017-06-01T11:00 -  1719 යි

අනුරාධපුර පූජා නගරය ආසන්නයේ පවත්වාගෙන ගිය ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන හයක් වටලා සිදුකළ විශේෂ සෝදිසියකදී අවකල් ක්‍රියාවේ නිරත වූ බවට චෝදනා ලැබූ රූමත් තෙරපිවරියන් 15දෙනකු අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී පෙරේදා (30දා) අත්අඩංගුවට පත්වී තිබෙනවා.

අනුරාධපුර පූජා නගරයේ ආයුර්ව්ද සම්බාහන මධ්‍යස්ථාන තුළින් සමාජ විරෝධී ක්‍රියා රැසක් සිදුවන බවට අනුරාධපුර මූලස්ථාන පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.

අනුරාධපුර පොතානේගම හා යාපනය හන්දියේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන හයක් වටලා සැකකාරියන් 15දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර, ඔවුන් වයස අවුරුදු 22 38 අතර වයසේ පසුවන්නියන් බවත්, මොවුන් අතුරින් කිහිපදෙනකු පසුගිය අප්‍රේල් 11 වැනිදා සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට පත්වූ අය බවත් පොලීසිය පැවසුවා.

මහ මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ට උසුළු විසුළු කර, ඉගිබිගි පාමින් කතා කර අවකල් ක්‍රියාවේ යෙදීමට සම්බාහන මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස විවිධ පුද්ගලයන්ට ඇවිටිලි කරමින් ආයතනය ඉදිරිපිට මාර්ගයේ රැදී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියා සිටියේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com