master
New Page 1

අවු: 17 සිසුවියගේ ගල අතගා බස් එකට නග්ගවපු කොන්දා කම්බස්


2017-06-01T10:22 -  1750 යි

මව සමඟ බස් රථයට නඟිමින් සිටි දාහත් හැවිරිදි තරුණියකගේ කලවා ප්‍රදේශය ඇතගෑ බැව් කියන බස් කොන්දොස්තරවරයෙකු ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් ඊයේ (31) උදැසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණිය මිරිස්ස ප්‍රදේශයේ සිට තම මව සමඟ රෝගියෙකු බැලීම සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහලට යාමට පැමිණ ඇති අතර, ගාල්ල නගරයේදී මාපලගම කරාපිටිය බස් රථයකට ගොඩවීමට යාමේදී බස් කොන්දොස්තරවරයා මෙලෙස තරුණියගේ කලවා ප්‍රදේශය අතගාගෙන බස් රථයට නැග තිබේ.

මෙය තරුණියගේ මව දැක ඇති අතර ඇය බස් කොන්දොස්තරවරයාට බැන වැදීමත්, තරුණිය මේ බව මවට පැවසීමත් නිසා දෙපාර්ශවය අතර බහින් බස් වීමක් ඇතිව ඇත.

මව තම දියණියත් සමඟ ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව මෙසේ බස් කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com