master
New Page 1

බස් ටිකට් නොගත්තොත් වැඩ වරදියි


2016-12-25 16.30 PM -  1705 යි

ප්‍රවේශ පත්‍ර නොමැතිව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ගමන් ගන්නා මගීන්ට පනවනු ලබන දඩ මුදල රුපියල් දහස දක්වා ඉහළ දැමීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

මගීන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා පෙළඹවීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත අදාළ යෝජනාව ඉදිරිපත් කළ බව සභාපතිවරයා පවසයි.

මේ වන විට ප්‍රවේශ පත්‍ර නොමැතිව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ගමන් ගන්නා මගීන්ට පනවනු ලබන දඩ මුදල ප්‍ර වේශ පත්‍රයේ ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් 250ක මුදලක් වන බව සඳහන්ය.

කෙසේවෙතත් මේ වන විට ඇතැම් දුරගමන් සේවා බස් රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද රුපියල් 500 ඉක්මවා ඇති බව පවසන ලංකා ගමනාගමන මණ්ඩල සභාපතිවරයා පෙන්වා දෙන්නේ අදාළ දඩ මුදල වසර 10කින් පමණ සංශෝධනය වී නොමැති බවයි.

එමෙන්ම ඉදිරියේ දී මුදල් ලබාගෙන ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන් සේවයෙන් පහ කිරීමට ද පියවර ගන්නා බව රමාල් සිරිවර්ධන මහතා කියා සිටියේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com