master
New Page 1

භූගත බංකරයක් තුළින් බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක්


2016-12-25 15.05 PM -  928 යි

වව්නියාව පිරමනාලන්කුලම් රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ. භූගත බංකරයක් අසළ තිබී පුද්ගලනාශක බෝම්බ 41ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ, පූවරසන්කුලම් ගුවන් හමුදා කඳවුරට ලැබුණු තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදීයි.

ආරක්ෂක අංශ සැක පළකරන්නේ යුද සමයේ පළා ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සඟවා යන්නට ඇති බවයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය තොගය වවිනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝග මත නිශ්ක‍්‍රිය කිරීමට නියමිතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com