master
New Page 1

ඇමේසන්, ඩ්‍රෝන් ඔස්සේ භාණ්ඩ ප‍්‍රවාහනය අරඹයි (වීඩියෝ)


2016-12-19 11.25 AM -  1279 යි

ලොව දැවැන්තම අන්තර්ජාල කඩසාප්පුව වන ඇමේසන් වෙබ් අඩවිය පළමු වතාවට ඩ්‍රෝන් යානයක් මගින් සිය පාරිභෝගිකයන් වෙත භාණ්ඩ නිවසටම ගෙනැවිත් දීමේ කාර්යය ආරම්භ කර තිබේ.

ඇමේසන් හිමිකරු ජෙෆ් බෝසෙස් මෙන්ම ඇමේසන් වෙබ් අඩවිය මගින් ද මේ බව අනාවරණය කර ඇත්තේ මින් ඉදිරියට මිනිත්තු 30ක් තුළ භාණ්ඩ තමන් අසලට ගෙන්වා ගැනීමේ පහසුකම් ඇමේසන් ඔන්ලයින් ඇනවුම් ඔස්සේ කළ හැකි බව දන්වමිනි.

ඇමේසන් ඔන්ලයින් සාප්පුව මෙම නවතම ඩ්‍රෝන් බෙදාහැරීමේ ක‍්‍රමවේදය පාරිභෝගිකයාට හදුන්වා දෙන්නේ ඇමේසන් ප‍්‍රයිම් එයාර් යනුවෙනි.

එංගලන්තයේ කේම්බ‍්‍රිජ්හි පාරිභෝගිකයකු ඇනවුම් කරන ලද ටීවී උපකරණයක් සහ පොප්කෝන් පැකට්ටුවක් සිය පළමු සිව්කොප්ටර ඩ්‍රෝන් යානාව ඔස්සේ ගෙනැවිත් දීමට ගොස් ඇත්තේ මිනිත්තු 13ක් වැනි කාලයකි.

උපරිම කාලය මිනිත්තු 30ක් තුළ දී බෙදාහැරිය හැකි දුරකට ඩ්‍රෝන් මගින් බෙදාහැරීම භාවිත කෙරෙන අතර, ඒ සදහා පාරිභෝගිකයා වෙත සුරක්ෂිතව භාණ්ඩ යැවීමට ඔවුන් වගකීම ගන්නා බව ජෙෆ් බෝසෙස් පවසා ඇත.

ඔන්ලයින් කඩසාප්පු ලෙසින් හැදින්වෙන ඔන්ලයින් භාණ්ඩ මිලදී ගත හැකි වෙබ් අඩවියක් මගින් නැව්, වාහන, ගුවන්යානා යන භාණ්ඩ ප‍්‍රවාහන ක‍්‍රමවේදවලට අමතරව මිනිසුන් රහිත, දුරස්ථ පාලකයක් මගින් කි‍්‍රයාත්මක නව මාදිලියේ ඩ්‍රෝන් යානා යොදාගෙන බෙදාහැරීම් සිදුකරන පළමු ඔන්ලයින් කඩසාප්පුව ලෙස වාර්තා ගතවේ.

ඇමේසන් හා කරට කර තරගයක නියැලෙන තවත් දැවැන්ත ඔන්ලයින් කඩසාප්පුවක් වන eBay වෙබ් අඩවියේ ප‍්‍රධාන විධායක නිලධාරි ජෝන් දොන්හාඔ් 2013 වසරේදී පවසා තිබුණේ ඇමේසන්හි ඩ්‍රෝන් බෙදාහැරීමේ ක‍්‍රමය දිගුකාලීන ෆැන්ටසියක් මිස යථාර්ථයක් කළ හැකි ව්‍යාපෘතියක් නොවන බවයි.

ඇමේසන්හි සාර්ථක අත්හදාබැලීමෙන් පසුවත් eBay තවමත් නැව් හා ගුවන්යානා මගින් භාණ්ඩ බෙදාහැරීමේ නිරත වෙයි.

කෙසේනමුත් සිය පළමු ඩ්‍රෝන් බෙදාහැරීමේ ක‍්‍රමය සාර්ථක වීමත් සමග අඛණ්ඩව මෙම ක‍්‍රමය කි‍්‍රයාත්මක කරන බව ඇමේසන් පවසා තිබේ.

ඇමේසන් සිය පළමු ඩ්‍රෝන් මගින් භාණ්ඩ ප‍්‍රවාහනය කළ ආකාරය දැක්වෙන වීඩියෝව පහත දැක්වේ.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com