master
New Page 1

ජොබක් ලැබුණ සතුටට කොල්ලෝ දෙන්නෙක් එක්ක වැව ලග සෙට් වුන තරුණිය මියයයි. (Photos)


2016-12-15 10.15 AM -  5036 යි

සමහර කොල්ලෝ ඉන්නවා හොඳට මත්පැන් පානය කරන. ඒ අයට හේතුවක් ඇතත් නැතත් බොන එක අමතක කරන්නේ නැහැ.

සම්මතය නම් කොල්ලෝ බොනවා අවුලක් නෑ කියන එක. අසම්මතය කෙල්ලෝ බොන එක. මොකද කාන්තාවකට ඒක ඒ තරම් සුදුසු නැහැ කියලා සමාජයේ මතයක් තියෙන නිසා.

අපි මේ කියන්න යන කතාවේ තරුණිය මත්පැන් පානය කරලා ජීවිතය නැති වෙලා.

මේක වෙලා තියෙන්නේ ඉන්දියාවේ..

සුස්මා කියන තරුණිය අලුත් රස්සාවක් ලැබුණ සතුටට එයාගේ හොඳම යාළුවා දෙන්නෙක් එක්ක මත්පැන් පානයකට සෙට් වෙනවා. ඇය දැනගන්න ඉන්නේ නැතුව ඇති මේ ඇය ජිවත් වෙන අන්තිම දවස කියලා.

ඇය අරම සෙට් වෙන යාළුවො දෙන්නා පිරිමි යාළුවෝ දෙන්නෙක්.

වාහනයේ ගිහින් වැවක් අයිනක තමා මේ කට්ටිය සෙට් වෙන්නේ. මුළු රෑම එකදිගට මෙයාලා හොඳටම බීලා. ටික වෙලාවක් යනකොට සුස්මාට අමුත්තක් දැනුන නිසා ඇය බොන එක නවත්තලා. අර යාළුවෝ දෙන්නත් නවත්තලා.

ඊටපස්සේ වාහනයේ නැගලා කෑම කන්න රෙස්ටුරන්ට් එකක් ළඟට මේ කට්ටිය ගිහින් තියෙනවා.

කාලා ඇවිල්ලා වාහනය කුඹුරක් ගාව නවත්තලා මෙයාලා නිදාගෙන.

උදේ නැගිටිනකොට පිටිපස්ස සීට් එකේ නිදාගෙන හිටිය සුස්මාව අර යාළුවෝ දෙන්නා ඇහරන්න හැදුවට ඇය ඇහැරිලා නැහැ. මොකද ඒ වෙනකොටත් ඇය ජිවිතයට සමුදීලා.

පස්සේ මේ යාළුවෝ දෙන්නා වාහනය පොලිසියට අරන් ගිහින් වෙච්ච සියල්ලම කියලා. පොලිසිය කියනවා අධික බීමත්කම නිසා මේ තරුණිය මිය ගිහින් එයට මේ තරුණයන් දෙපල වගකිව යුතු නැහැ කියලා.

ඔන්න ඕක තමා පමණට වඩා ඕනෑම දෙයක් කරන්න ගියොත් වෙන්නේ..






  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com