master
New Page 1

හොඳ අම්ම කෙනෙක් සොයාගන්න මම අනන්තවත් දුක් වින්දා


2016-12-09 11.42 AM -  1265 යි

 "අන්තිමට මම මැරුණේ කුසගින්නේ"
"මම වනාන්තරේ පාවෙලා පාවෙලා ගියා"

ජීවත් වෙන්න සල්ලි කියනදේ අවශ්‍යයි. ඒකට තමයි රැකියාවක් කරන්නේ.

ඒ සඳහා නිවැරදි රැකියාවක් තෝරගන්නත් ඕන. එහෙම නැතුව වැරදි දේවල් කරලා සල්ලි හොයන්න ගියොත් මෙලොවදීම පඩිසන් දෙනවා කියලා හැමෝම දන්නා දෙයක්.

ඉතින් අන්න ඒ වගේ සතුන් දඩයම් කරලා විකුණලා ජීවත් වෙච්ච පුද්ගලයෙක් මේ ආත්මෙදි කරපු හෙළිදරව්වක් පිළිබඳව අපට වාර්තාවුණා.

මේ පිළිබඳව පර්යේෂණ නිලධාරි නීල් ජයතු සිරිවීර විසින් ඒ පුවත හිරු ගොසිප් අපට මෙලෙස අනාවරණ කළා.

පාලිත උප්පත්තිය ලැබුවේ පිටසර බද  පලාතකයි. දෙමාපියන්ගේ උත්සාහය වුණේ හොඳ අධ්‍යාපනයක් ලබාදී සමාඡයේ වැදගත් පුද්ගලයකු කිරිමටයි.

එහෙත් ඔහු තුළ සැකසිය නොහැකි ආබාධයක් පැවතිණි. උප්පත්තියේ සිට පැවැති මෙම අබාධය නිසා ඔහුට සමාඡය තුලගැවසිම පහසුවුණේ නැහැ.

උපතින්ම එක් කකුලක ආබාධයක් සහ ගොතගැසීමක් පැවතිණි. මෙය පාලිතට මහත් වේදනාවක් වුයෙන් ඔහු ජීවත් වූයේ නිරන්තර කනස්සල්ලෙනි.

උප්පත්ති ආබාධයන් නිසා සමන්ත පාසලට යාම පවා අතපසු කළා.එයට  හේතුව අනිකුත් ළමුන්ගේ  විටිධ විහිලූ වලට ලක්වීමයි.

ගොතගැසීම නිසා එක දිගට කතාකිරීමට හැකිවුණේ නැහැ. මේ නිසා අධ්‍යාපනය අතරමැද නතර කළ සමන්ත දෑතේ රැකියාවක් කිරිමට උත්සාහකළා.

ඒ අතරම නිරන්තරව යම් යම් අනතුරු වලට මුහුණ පෑමේ අවධානමක්ද පැවතිණා. එවන් අනතුරු නිසා මාස ගණනක් රෝහල්වල ගතකිරිමටද මහත් වද වේදනා විදීමටද සිදුවිය.

එකම දරුවාගේ අබාධ තත්ත්වය සහ කතාකිරිමේ නොහැකියාව නිසා සමාඡය විසින් පාලිත කොන් කිරීම දෙමාපියන්ට මහත් වේදනාකාරී වුයෙන් ගමෙන් ඉවත්ව වෙනත් ප්‍රදේශයකට ගියා.

එහි කුඩා වෙළදසලක් පවත්වාගෙන ගිය පාලිත ක්‍රමයෙන් එය වඩාත් ඉහළ මට්ටමට රැගෙන ආවා.

ඒ අතරතුර වුවද සමන්ත කිහිප විටක් අනතුරු වලට ලක්වී රෝහල් ගතවන්නට සිදුවුණා.

ජීවිතයේදි මෙතරම් දුක් කම්කටොලු වලට මුහුණ දෙන්නට සිදුවන්නේ කුමක් නිසාද යන්න ඔහුගේ සිත තුල නිරන්තරව පැවැති ප්‍රශ්නයක්.

මේ අතර දෙමාපියන්ගේ බලවත් ඉල්ලීම නිසා පාලිත විවාහ වූයේ දුෂ්කර පලාතක තරුණියක් සමගින්ය.

එහෙත් ඉන්ද ඔහුට සැනසුමක් වුණේ නැහැ. නිරන්තර ආරවුල් පවුල් දිවිය පුරා පැතිරි යාම නිසා බිරිඳ සමන්ත හා ගැටුම් ඇතිකළා.

තමාට හමුවූ බිරිද ආත්මයෙන් ආත්මය තමන්ගෙන් පලිගැනීමට පමිණෙන තැනැත්තියක් බවද ඔහුගේ අදහස විය.

බිරිද පාලිතට පහර දෙන්නටත් පෙළඹුනා. එසේ පහරදෙන එක් අවස්ථාවකදි ඇය පාලිතට උණුවතුර කෝප්පයකින් පහර දිම නිසා දින ගනනක් රෝහලේ  සිටින්නට පාලිතට සිදුවුණා.

පාලිත කිහිපවිටක් සියදිවි නසාගැනීමට උත්සාහ කළද එය අතහැර දැමුවේ දෙමාපියන් පිළිබද පැවැති ආදරය හේතුවෙනි.

මේ අතර පාලිතට ප්‍රබල හිසරදයක් ඇතිවීමෙන් ද නිරන්තරව වේදනා විදින්නට සිදුවිය. විවිධාකාරයේ වෛද්‍ය පර්යේෂණවලට ලක් කෙරුනද හිස රදය ඇතවීමට හේතුව සොයාගැනිමට නොහැකිවිය.

අවසානයේදී සමන්ත  දුක්කම්කටොලූ සියල්ලම තමා පසුපස පැමිණෙන්නේ කුමන හෝ පාපකර්මයක් හේතුවෙන්  යන්න තේරුම් ගත්තේය.

මේ  සමන්ත මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවුණා.එහිදී සමන්ත විසින් ආත්මය පිළිබඳව මතකය අවදි කළේ මෙලෙසින්ය.

"මම තාත්තත් එක්ක දඩයමේ යනවා. අපි ජීවත්වෙන්නේ සත්තු මරලා මස්  විකුණලා. අපි හරිම දුප්පත් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා දඩයමේ යනවා. අපි ජීවත්වුණේ මහා වනාන්තරය අයිනේ  පුංච් ගෙයක. අම්මයි, මමයි නංගියි විතරයි හිටියේ.

"මම හරිම ආසයි පාසල් යන්න.ඒත් තාත්තා මට යන්න දෙන්නේ නැහැ  දඩයමට එක්ක යන්න කෙනෙක් නැහැ කියලා. වෙඩිතියලා, උගුල් අටවලා, බොරු වලවල් හාරලා තමයි සත්තු අල්ලගන්නේ."

පාලිතගේ  පෙර ආත්මයේ බොහෝ තොරතුරු දුප්පත්කම හා නැතිබැරිකම මුල් කොට සිදුවූ ක්‍රියාදාමයන් එදිනෙදා ජීවත්වීම සදහා පියාගේ අඩි පාරේ යමින් සතුන් දඩයමේ ගිය ඔවුන් මස්විකුණා උපයාගත් මුදලින් දරුමල්ලන් රැකගෙන තිබුණා.

"දඩයමක් වැරදිලා සතා ගහලා තාත්තා මැරුණා. ඊට පස්සේ මම තනියම දඩයමේ ගියා මැරෙනකන්. මම මැරුණේ වලක වැටිලා."

"දවසක් දඩයමේ ගියා එපිට කැලෑවකට එදා දඩයම්  තිබුනේ නැහැ. මම ඇවිදගෙන ගියා එක පාරටම සත්තුන්ට අටවපු උගුල් වලකට මම වැටුනා. මම බේරෙන්න දැගලුවා. මගේ කකුල් දෙකම කැඩුනා. උගුල් ඇනිලා දවස් ගණනක් දුක් විඳිමින් වලේ හිටියා. බේරගන්න කවුරුවත් ආවේ නැහැ.  අන්තිමට බඩගින්නේ මම මැරුණා. මම වනාන්තරේ පාවෙලා පාවෙලා ගියා .මොනවද වෙන්නේ කියලා කිසිම තේරුමක් නැහැ."

"මම හැමතැනම අවිද ඇවිද හටියා. අම්ම කෙනෙක් සොයාගන්න. ඒත් හමුවූණේ නැහැ. පන්සලකට ගිහිල්ලා ඉන්න කොට මවක් දැක්කා. ඊටපස්සේ ඇයගේ  පස්සෙන් ගියා. මාස ගණනක් ගෙදර ඉඳල තමයි කුසට ඇතුළු වුණේ."

තව ආත්ම ගණනක් මෙලෙස දුක් විඳිමින් ඒ අකුසල කර්ම ගෙවන්නට වෙනවා කියලයි ඔහු තව දුරටත් සඳහන් කරලා තිබුණේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com