master
New Page 1

අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීමට කාන්තාවන් පළඳින ලූපය ගැන දැනගත යුතු කරුණු 5ක්


2016-12-06 02.20 PM -  4463 යි

අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීමට කාන්තාවන් පළඳින ලූපය ගැන දැනගත යුතු කරුණු 5ක්

කාන්තාවකට අනවශ්‍ය දරු ගැබක් හට ගැනීම වලක්වා ගැනීමට වුවමනා වුවද, ඒ සඳහා දෛනිකව ගිලින පෙති,ත්‍රෛ-මාසික ඩිප්‍රෝ ප්‍රොවේරා එන්නත් හෝ LRT සැත්කම කර ගැනීමට අකමැති නම්, ඒ සඳහා ඇති හොඳම ක්‍රමය තමයි ලූපයක් පැළඳීම කියල කියන්නේ.

ලූපය හෙවත් Cu-380 IUCD කියන්නේ කුඩා T හැඩැති ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යයකින් හදලා එයට තඹ ලෝහ කම්බියක්ද අඩංගු කර ඇති කුඩා උපකරණයක්. මෙය ගර්භාශය තුළ පැළඳි විට එතුල ගැබ් ගැනීමට නුසුදුසු පරිසරය ක් ඇතිවන බැවින් පිළිසිඳ ගැනීම් සිදු වෙන්නේ නැහැ.

සුදුසු කා සඳහාද?

දරුවන් ඇති , දරුවන් ලැබීම ප්‍රමාද කිරීමට හෝ වලක්වා ගැනීමට අවශ්‍ය කාන්තාවන්ට ලූපය කියල කියන්නේ ඉතා හොඳ පවුල් සැළසුම් ක්‍රමයක්.

ලූපය ඇතුළු කිරීම

මෙය වෛද්‍යවරයෙකු විසින් කළ යුතු කාර්යයක්. ඇතුළු කරන්න කලින් ,වෛද්‍යවරයා විසින් කාන්තාව පරීක්ෂා කරනු ලබනවා. මාසික ඔසප්වීම සිදු වී මුල් දින කීපය තුළ ,ගැබ් ගෙල ඇරී ඇති නිසා ලූපය ඇතුළු කිරීම තමයි වඩාම පහසු වන්නේ.

ඉන් අනතුරුව දින දෙකක් පමන ලිංගික ක්‍රියාවලියේ නොයෙදිය යුතුයි. ලූපය ඇතුලත් කල පසු එහි කෙළවර ඉතා සිහින් නූලක් මෙන් යෝනි මාර්ගය තුල පවතින අතර එය පිටතට අදින්න උත්සහ නොකළ යුතුයි.

සමහරුන්ට ලූපය ඇතුළු කර දින කීපයක් යනතුරු ,ඔසප් වීමේදී මෙන් සුළු යටි බඩේ වේදනා තත්ත්වයක් ඇතිවෙනවා. එයට සාමාන්‍ය වේදනා නාශකයක් ලබා ගැනීම ප්‍රමාණවත්

අන් උපත් පාලන ක්‍රම මෙන් නොව, ලූපය වසර 10ක් පමණ ක්‍රියාකාරී වෙනවා.
ලූපයක් ඇතුළු කරන ආකාරය පහත වීඩියෝවෙන් නැරඹිය හැකියි.
ඇතුළු කිරීමෙන් පසු ලූපය ශරීරය තුල පිහිටන අයුරු,
වාසි

පහසුව- ලූපය පැළඳි පසු වසර ගණනාවක් යනතුරු ඒ ගැන වද විය යුතු නැහැ. විශ්වාසය- මෙය 99% ත් වඩා විශ්වාසී උපත්පාලන ක්‍රමයක් වියදම-ලූපය ඉතාම වියදම් අඩු උපත් පාලන ක්‍රමයක්. මව් කිරි දෙන මව්වරුන්ට- මව් කිරි දීමට කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ලූපයෙන් ශරීරයට කිසිදු හෝමෝනයක් නිකුත් වෙන්නේ නැහැ

අවාසි

ලුපය මගින් ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ශා කිරීමක් සිදු නොවේ. ඔසප් වීමේදී පිටවන රුධිර ප්‍රමාණය හා යටි බඩේ වේදනාව තරමක් වැඩි විය හැක. ලූපය පැළඳීම ගැන ඇති සුලබ ගැටළු

ලූපය ලිංගික සබඳතා වලට බාධාවක්ද?- නැත
ලූපය පැළඳූ පසු නූල් කෙළවරක් පිටතට පැමිණේද-නැත

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com