master
New Page 1

අත පය බැදල රබර් වත්තෙ ගල උඩට ගෙනිහින් වරින් වර මට කරදර කළා


2016-12-06 11.00 AM -  2738 යි

"ඊට පස්සේ ඒ මනුස්සයා මම ඇදගෙන ගියා."
"මගේ මරණේ දිහා බලාගෙන මම අඩල කිව්ව මම මැරිලා නැහැ කියලා"

සිත් තැවුලකට පත්වුණාම බොහෝ දෙනෙකු කරන්නේ අනෙක් පුද්ගලයාට සාප කිරීමයි.

නමුත් මෙවැනි නපුරු සිතුවිලි මොනතරම් බිහිසිණුද කියලා පැහැදිළිවන පුවතක් අපට වාර්තාවුණා..

මේ පිළිබඳව පර්යේෂණ නිලධාරි නීල් ජයතු සිරිවීර විසින් හිරු ගොසිප් අපට මෙලෙස හෙළිදරව් කළා.

සැබෑලෙසට පියුමක් වැනි සුන්දරත්වයක් ඇය තුළින් දැකලත හැකි විය නාගරික පරිසරයක ජීවත් වු උත්පලාගේ දෙමාපියෝ රඡයේ රැකියාවක් කළා.

බහතෝරන වියේ සිට උත්පලා  කතාබහට එතරම් කැමැත්තක් නොදැක්වීය.

සොලොස් වැනි විය ඉක්මවමින් කාලය කෙමින් ගෙවී යන අතර ඥාතියකුගේ අවමගුලකට සහභාගී වී පැමිණීමෙන් පසු උත්පලා නුහුරු  නුපුරුදු කතාබහක නියුතු වීම පුදුම එලවන සුඵ විය.

"අම්ම දන්නවද මම මැරිලා ආයිත් ඉපදුනා කියලා. මම ඇත්තටම ආයිත් ඉපදුනා. අර මීනීපෙට්ටියේ නැන්ද හිටිය විදියට  මමත් දිගා වෙලා හිටියා. සුදු ඇදුමක් ඇඳල මල් පොකුරක් අතේ තියාගෙන.  අම්මල මීට පස්සේ මම මළගෙදරවල් වලට එක්ක යන්න එපා. මම ආස නැහැ. මමත් ඒ විදියට හිටිය නිසා."

උත්පලා ගේ කතාව යම් මට්ටමක පෙර ආත්මයක තොරතුරු විය හැකිය යන්න බැහැර නොකළ මව දියණිය ගේ අධ්‍යාපන කටයුතුවලට එය බාදාවක් වනු ඇතැයි සිතා ඒ පිළිබදව වෙනත් කිසිදු  විස්තරයක් ඇසුවේ නැහැ.

මේ ආකාරයේ මරණයෙන් පසු යළිත් උප්පත්තියක් ලැබීම පිළිබද විස්තර ඇය වරින් වර හෙළිකළේය. ඇය බොහෝ අවස්ථවන්හි දී පපුවේ කඵ ලපයක් පෙන්වමින් විවිධ දේ කියන්නට විය.

"අම්ම දන්නවද මේ ලපය මොකද්ද කියලා ?

දෙමාපියන් ඇගෙන් වැඩි විස්තර අසන්නට බිය වුයේ දිගින් දිගටම ඇය එම කතා කීමට වැඩි උනන්දුවක් දැක්වීම නිසායි.

කෙසේ වුවද ඇය වැඩිපුර කියන කතාබහ නිසා ඇය පෙර ආත්මයක තොරතුරු හෙළිකරමින් සිටින බව දෙමාපියන්ට අවබෝධවුණා.

දිනක් පාසැල් ගොස් පැමිණි පියුමි මවට ඡායාරූපයක් පෙන්වීය. එහි සටහන්ව තිබුණේ විදුහලේ  සෞඛ්‍ය පාඩමේ රූප සටහනකි.  මනුෂ්‍යයකුලේ රූප සටහනේ පපුව මැද කඵ ලපයක්  සටහන් කොට තිබිණි. එය පෙන්වමින් උත්පලා කියන්නට වූයේ බිහිසුණු කතාවකි
 
"අම්ම දන්නවද මම ඇන්ද මේ ලපය මොකද්ද කියලා ? මම මැරුණේ මෙතෙන්ට පහරක් වැදිලා.

පාරක් වැදිලා කොහොමද ? කවදද ? කොහේදිද ? අනේ මම දන්නේ නැහැ ඔයා කියන බහුබූත කතා

කවදහරි  අම්මට තේරෙයි මම කියන්නේ ඇත්ත කියලා. අම්ම දන්නවද මම තව අවුරුදු පහකින් මැරෙනවා. මම මැරෙන එක වලක්වන්න බැහැ අම්මේ."

උත්පලාගේ  කතාබහ ක්‍රමයෙන් වෙනස්වන ආකාරයත් යළිත් මරණයට පත්වන බව පැවසිමත් නිසා දෙමාපියන් උත්පලා පිළිබද වඩාත් විමසිලිමත්වුණා.

සමහර අවස්ථාවල ඇය පවසන සිදුවීම් වල පසුබිම සෙවීමට පියා කටයුතු කළේය. එහෙත් නිෂ්චිත තොරතුරක් සොයාගැනිමට නොහැකි විය මේ අතර දෙමාපියන්ට බලවත් ප්‍රෂ්ණයක් වූයේ උත්පලා විසින් තමන් මරණයට පත්වන බව හෙළිකිරීමෙනි.

ඒ පිළිබදව ඇයගෙන් තොරතුරු විමසිමට දෙමපියන් මැලිවූයේ එහිදී උත්පලා අපහසුතාවයකට පත්වීමට අකමැති වු බවිණි.  විටින් විට උත්පලා කියන කතාබහ නිසා ඇය යම් මානසික පීඩනයකට ලක්වන බැවිණි.මේ නිසා පර්යේෂකයන්ට උත්පලාගේ තොරතුරු විමසිමට අවස්ථාව උදාවුණා.

උත්පලාට කියන්න පුළුවන්ද පපුවේ ලපය මොකද්ද කියලා ?

මෙතෙන්ට තමයි ලොකු පාරක්  වැදුනේ.

මොකද්ද පාරක් පාරක් කිව්වේ ? ඇය පෙර ආත්මයේදී සිදුවුණු දේවල් මෙලෙස පවසලා තිබුණා.

උත්පලා හෙළිකල තොරතුරුවලට අනුව පියා ධනවත් පුද්ගලයෙකි. නගරයේ පාසලට ගියද ඇය වඩාත් ප්‍රිය කොට ඇත්තේ ගමටය. ඇයගේ මිතුරු මිතුරියන් සිට ඇත්තේද ගමේය.

ඇය මරණයට පත්වන්නේ මුදල් සම්බන්ධ ආරවුලක් හේතුවෙනි. නිරන්තරව පියා මුදල් සම්බන්ධව සිදුකළ කතාබය සහ ආරවුල් පැවති බව පැවසීය.  

 "මම පාසල් ගොස්  එනව වෙනදා වෙලාවට ආවා.  ගෙදරට ටිකක් දුර නිසා මම යන්නේ රබර්වත්ත මැදින් ඇති ගුරු පාර දිගේ. බයක් නැහැ හැමදාම මම යන්නේ මේ පාරේ

බයිසිකලේ පැදගෙන මිනිහෙක් එනවා. ඒ මිනිහා ටිකක් දැකල පුරුදුයි. ඒ මිනිහා සල්ලි ප්‍රශ්නයකට අපේ ගෙදර ඇවිල්ලා රණ්ඩුවුණා.

මම දුවන්න හැදුවා. ඊට පස්සේ ඒ මනුස්සයා මම ඇදගෙන ගියා. මම කෑ ගැසුව නිසා ඒ මිනිහා මගේ කට තද කළා."

එම පුද්ගලයා ඇය ඇදගෙන රබර් යායා දිගේ  උස  ගලක් මතට ගෙන ගොස් අත් සහ කකුල්  පිටුබසට තබා බැද තිබූ බවත් තමාට කරදර කරමින් පියාගෙන් පළිගන්නා බව කියමින් ගලක් ගෙන පපුවට ගැසූ බව උත්පලා සඳහන් කරලා තිබුණා.

තවද ගලෙන් පහලට තමා තල්ලූ කිරිමත් සමග තමා පාවී යන ආකාරයත් විස්තර කළා.

"මම බලාගෙන හිටිය.  මගේ මරණේ දිහා බලාගෙන මම අඩල කිව්ව මම මැරිලා නැහැ කියලා. ඒත් කාටවත් ඇහුණේ නැහැ. අම්මල දුක් වූනා විතරයි මම මරාදාපු මිනිහා ගැන හොයන්න ගියේ නැහැ.ඒකට හේතුව ඒ මිනිහට  තාත්ත තියෙන බය නිසා. මරණින් පසු  තාත්තා බය ගුල්ලෙක් වගේ  අම්මයි නංගියි අරන් වෙනත් පැත්තකට ගියා. එත් මම ඒ මිනිහා  පස්සෙන්ම ගියා සාප කරන්න."
 
"අවුරුද්දකට පස්සේ  ඒ මිනිසාගේ ඇග කුණුවෙන්න  පටන් ගත්තා. සැරව ගලන්න පටන් ගත්තා. මාස ගණනක් පැදුරක් උඩ ගඳ ගගහ හිටියා කිසිම මිනිහෙක් ළඟට ගියේ නැහැ. මම සතුටින්  බලාගෙන හිටියා අන්තිමට දවස් ගණනක් තිස්සේ ගෙදර ඉස්තෝප්පුවේ ඡරා ගොඩේ  දගලල මැරුණා.

නොයකුත් කරදර විඳලා මැරුණු උත්පලා සිතින් කළ සාපය නිසා ඒ මතකය ආත්මයේදී මතක තිබුණේ එලෙසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com